spot_img
spot_imgspot_img

ප්‍රංශ අගමැතිනිය ඉල්ලා අස්වේ

පුවත්

විදෙස්

ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවී ඇතැයි පැවසේ.

නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාගේ කැමැත්ත සඳහන් කරමින් මැක්‍රොන් මහතාගේ ඉල්ලීම පරිදි තමන් ඉල්ලා අස් වූ බව බෝර්න් මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

ප්‍රංශයේ දෙවන කාන්තා අගමැතිනිය වන බෝර්න් මහත්මියගේ ඉල්ලා අස්වීම මැක්‍රොන් මහතා සඳුදා(09) පිළිගත්තේය.

ප්‍රංශ මාධ්‍ය පවසා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ගේබ්‍රියෙල් ඇටල් ඇය වෙනුවට පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ප්‍රංශ දේශපාලන ක්‍රමය යටතේ අගමැති පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන අතර පාර්ලිමේන්තුවට වග කිව යුතුය.

දේශීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ රජයේ අමාත්‍ය කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම අගමැතිවරයා භාරව සිටින බැවින් එය තීරණාත්මක කාර්යභාරයකි.

මැක්‍රොන් මහතා දෙවන ධුර කාලය සඳහා නැවත තේරී පත්වීමෙන් පසු 2022 මැයි මාසයේදී බෝර්න් මහත්මිය එම භූමිකාවට පත් කරන ලදී.

https://news.sky.com/story/elisabeth-borne-french-prime-minister-resigns-as-emmanuel-macron-prepares-reshuffle-13044353

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!