spot_img
spot_imgspot_img

ජලාශ වැනසිය හැකි ආක්‍රමණිකයෙක් ? පන්සලක වගාකරලා

පුවත්

විදෙස්

තවත් ආක්‍රමණිකයකු විය හැකි යෝධ ඕලු (Giant Waterlily) හෙවත් වික්ටෝරියා ලිලී (Victoria Lily) ශාකය මේ වනවිට බෞද්ධ විහාරස්ථානයක වගා කර එය ලෝකයේ ලොකුම ජලජ ශාකය යැයි විශාල ප්‍රචාරයක් ලබාදෙමින් තිබේ.

ශ්‍රී ලංකාව තුල මේ වන විට ස්ථාන ගනනාවක විකිණීමට තිබෙන සහ තවත් අය විසින් වගා කරන යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී (Victiria amazonica) ලොව විශාලතම ජලජ හාකය නොවේ. එය ලෝකයේ දෙවැනි විශාලතම ජලජ ශාකයයි. “Victoria boliviana ” නම් ශාක විශේශය දැනට ලොව විශාලතම ජලජ ශාකය ලෙස හඳුනාගෙන ඇත.

ප්‍රථම වරට ගුආනා රාජ්‍යයෙන් සොයාගත් මේ ශාකයට බ්‍රිතාන්‍යයේ මහ රැජින වූ වික්ටෝරියා රැජිනට ගෞරවයක් ලෙස 1837 දී නම්කර ඇත.

ප්‍රමානයෙන් අඩි 3ක් (සෙමී.90-100) පමණ විශ්කම්භයකින් යුත් විශාල පත්‍ර සහිත මේ ශාකයට විශාල ඉඩක් අවශ්‍යවීම හේතුවෙන් වගාකළ හැක්කේ විශාල පොකුණු සහ ජලාශ වල පමණි​.

එනමුත් මෙය පොකුනු වල වගා කරන විසිතුරු ජලජ ශාකයක් ලෙස රටවල් ගනනාවක ජනප්‍රිය වී තිබේ.ශ්‍රී ලංකාවේ මෙම ශාකය වගා කරන බවට තොරතුරු මුලින් ලැබුනේ 2021දී වුවත්, මේ වනවිට මහනුවර, කටුගස්තොට, කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරස්ථානයේ පොකුණක මෙම ශාකය වගකර ඇති විහාරාධිපති නුගවෙල සුමනදේව හිමියන් මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ මේ ශාකයේ ගුණ වර්ණනා කළ ද මේ ශාකය ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවේ ස්වභාවික ජලජ පරිසරයට දැඩි බලපෑමක් කරන ආක්‍රමණිකයකු නොවනු ඇතැයි එම භික්ෂුවට ද සහතිකයක් ලබාදීමට හැකියාවක් නැත.

මෙම ශාකයේ අති විශාල පත්‍ර මගින් ජල පෘෂ්ඨයේ විශාල ප්‍රදේශයක් ආවරණය කරන අතරම එහ ලපටි පත්‍ර වෘත්තාකාරව වර්ධනය වීම තුළින් පාවෙන ජලජ පැලෑටි ඉවත්කිරීමක් ද සිදුවේ. එබැවින් මේ වික්ටෝරියා ලිලී ශාකයක් පොකුණක වර්ධනය වන්නේ නම් එමගින් අනෙක් ජල පැලෑටි විනාශ වී යනු ඇත. පත්‍රවල විශාලත්වය හේතුවෙන් ජලයේ ගිලී ඇති අනෙකුත් ජලජ පැලෑටවලට ආලෝකය නොලැබීමෙන් ඒවා විනාශ වී යයි.

සුදු පැහැයෙන් යුතු විශාල මලක් හටගන්නා මේ ශාකය බීජ විශාල ප්‍රමාණයක් එකවර නිපදවන බැවින් පැහැදිළිවම එම බීජ කාණු, ඇළ, දොළ ගංඟා හරහා මෙරට ඇති ජලාශ වෙත නොයනු ඇතැයි කිසිවෙකුට කිව නොහැකිය.

මේ වනවිට අපට වාර්තාවන පරිදි විසිතුරු පැළ අළෙවි කරන ස්ථාන ගණනාවක මෙම වර්ගයේ පැළ විකිණීමට තිබේ.

විහාරාධිපති නුගවෙල සුමනදේව හිමියන් පවසන්නේ තමන් විසිතුරු පැල විකුණන ස්ථානයකින් රුපියල් 30,000.00ක මිලක් ගෙවා ලබාගත් බවයි. මේ වනවිට කටුගස්තොට, කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරයේ ඇති මෙම ශාක ගැන ප්‍රචාරයක් ගිය ද මෙවැනි ශාක ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානවල දැනටමත් තිබිය හැකිය.

ඒ ශාකවලින් ඇතිවන බීජ රට පුරා වැව් අමුණුවලට ගියහොත් සිදුවන විනාශය සුළුපටු නොවේ.

මෙම ශාකයේ පත්‍ර කුඩා කාලයෙ දී මසුන් විසින් කා දමන බව නුගවෙල සුමනදේව හිමියන් කීව ද වික්ටෝරියා ලිලී ශාකය මෙරට ස්වභාවික පරිසරයේ වර්ධනය වුවහොත් ජලජ ජීවීන්ගේ ස්වභාවික ජීවන චක්‍රය මුළුමින්නම විනාශ වී යනු ඇත.

එවිට ඒ කතාන්තරය නුගවෙල සුමනදේව හිමි පවසන තරම් සුන්දර නොවනු ඇත.

මේ ශාකය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ නිවැරදි ශාක නිරෝධායන ක්‍රමයක් අනුගමනය කිරීමෙන්  ද යන්න පළමුව සොයා බැලිය යුතුය. එම ශාකය ගෙන්වීමට නිසි අවසරයක් ලබාගෙන නොමැතිනම් කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරයේ ඇති වික්ටෝරියා ලිලී ශාක ඇතුළු මෙරට දැනට ඇති සියලු ශාක මේ මොහොතේම විනාශ කර දැමිය යුතුය. නැතිනම් ඉදිරියේ දී සිදුවන්නේ මහා විනාශයකි.

නමුත්, අවසරයක් ගෙන නීත්‍යානුකූල ආකාරයට ගෙන්වා ඇත්නම් එය, ආක්‍රමණික ආගන්තුක ශාකයක් (Invasive Alien Species) (IAS) බවට පත්වීමට ඉඩ නොදී වගාකරන ස්ථානවලට ම සීමා කර ගැනීමට වහාම කටයුතු කළ යුතු වේ. නමුත් ජලයට වැටී ජල මාර්ග ඔස්සේ ගමන්කරන බීජ නිපදවන ශාකයක් එසේ එක් තැනකට සීමා කර තබාගැනීමට මෙරට වැසියන්ට හැකිවේද යන්න ගැන නම් කිසිම සහතිකයක් නැත.

කොණ්ඩදෙණිය දේවමිත්ත විහාරාධිපති නුගවෙල සුමනදේව හිමිට තමන්ගේ පන්සලේ ඇති පොකුණේ ජලය එම පොකුණටම පමණක් සීමා කරගත හැකි ක්‍රමයක් තිබේනම් මේ ශාකය ආක්‍රමණිකයෙක් නොවනු ඇත. එම විහාරස්ථානයේ ඇත්තේ ස්වභාවික පරිසරය සමඟ මුසු වූ පොකුණකි. එහි ජලය වෙනත් ජල මාර්ගවලට නිරන්තරයෙන් ගලා යන බව නම් පැහැදිළිව පෙනී යයි. ඒ නිසා අපට කිව හැක්කේ කොණ්ඩදෙණිය පන්සලේ හාමුදුරුවෝ රකුසකු පෝෂණය කරමින් සිටින බවයි.

ඉතා විශාල ඉඩක් අවශ්‍ය බැවින් මෙය වගා කළ හැක්කේ එවැනි ඉඩක් ඇති සුළු පිරිසකට පමණක්  වීමත්‍, තවමත් මෙය වගා කරන්නේ සාපේක්ශව අඩු පිරිසක් විසින් වීමත් නිසා ආක්‍රමණිකයකු විය හැකි මේ ආගන්තුක ශාකයෙන් අපේ රටේ ස්වභාවික පරිසරය බේරාගත හැකි තැනක තවමත් අපි සිටින්නෙමු.

වික්ටෝරියා ලිලී ශාකය වගා කරන්නන් පවසන්නේ එය පහසුවෙන් වැවිය නොහැකි නිසා එය විනාශ කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවයි.

මෙවැනි ආක්‍රමණිකයකුට හොඳම පූර්වාදර්ශය වන්නේ 2008 වසරේ දී මෙයාකාරයෙන් දැනුවත් කිරීම් මාලාවකින් වැලන්ටයින් ශාකය (Valentine Plant / Philippine Fireworks Plant / Starburst) ආක්‍රමනිකයෙකු වීම වලක්වා ගෙන​ එය කැමති අයට නිසියාකාරව වගා කරන ලෙස ඉල්ලමින් දියත් කල දැනුවත් කිරීම් නිසා මේ වනවිට එම ශාකය ආක්‍රමණිකයකු වීම වළක්වා ගත හැකිව තිබේ.

ඒ අනුව බලන කල යෝධ ඕලු හෙවත් වික්ටෝරියා ලිලී ශාකය වගා කිරීමේදී ප්‍රවේශමෙන් සහ නිසියාකාරව එම ශාක කළමනාකරණයේන එය ආරක්ෂාකාරීව වගා කරමින් එහි අලංකාරය සහ විශේශත්වයේ වටිනාකම ලබාගත හැකිවනු ඇත​.

හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය සිරිල් විජේසුන්දර පවසන්නේ 1905 දී ලංකාවට ගෙන ආ, ජපන් ජබර ශ්‍රී ලංකාවේ දැන් ආක්‍රමණික ශාකයක් බවට පත්වී මෙරට ගංඟා සහ වැව් බොහොමයක් වසා පැතිරී ගොස් මහත් හානියක් සිදුවී ඇති බවයි. නමුත්, හොංකොංවල තවමත් විසිතුරු මල් පැලෑටියක් ලෙස අළෙවි කරයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලකාවට පැලෑටි හෝ බීජ ආනයනය කිරීමේ දී නිරෝධායන ක්‍රමවේදයක් පවතින බවයි. එමෙන්ම කවර ශාකයක් ගෙන්වුව ද එහි දී දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මහාචාර්ය සිරිල් විජේසුන්දරගේ අදහස වික්ටෝරියා ලිලී ශාකය තවමත් ආක්‍රමණකාරී ශාකයක් යැයි කිව නොහැකි බවයි.  එසේ වුව ද ඒ ගැන දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.

ආචාර්ය, නීතිඥ ජගත් ගුණවර්ධන මෙම ශාකය ආක්‍රමණිකයකු වීම වළක්වාගැනීම සඳහා වහාම ක්‍රියාත්මක විය යුතු කරුණු කිහිපයක් ගෙනහැර දක්වා තිබේ. ඒවා පහත සඳහන් කර ඇත.

  • ශාක හෝ බීජ ස්වභාවික පරිසරයට මුදා නොයන ලෙස වගා ස්ථානය පවත්වා ගැනීම​
  • ඉවතට ගොස් තිබෙන ශාක සුදුසු පරිදි හැකි ඉක්මනින් එවන් ස්ථාන වලින් ඉවත් කිරීම
  • බීජ ලබා ගැනීමට අවශ්‍ය නැත්නම් මල් පරවූ පසුව හැකි ඉක්මනින් ලපටි ඵලය ඉවත් කිරිම​
  • බීජ ලබා ගන්නේ නම් අහම්බෙන් හෝ බීජ ස්වභාවික පරිසරයට එක් වීමේ ඉඩකඩ අවහිර කිරීම​
  • කිසිඳු බීජයක්,පැලයක් හෝ අල කොටස් ජලයට මුදා නොහැර ඒවා නිනාශ කර දැමීඉම​
  • වගා බිමකට පිටින් යෝධ ඕලු ශාකයක් දුටුවහොත් එය ඉවත් කිරීම හෝ අදාල අයට දැනුම් දීම​
  • ශාක අන් අයට ලබාදෙන විට ශාක ලබාගන්නා අයව දැනුවත් කිරීම
  • අලෙවි කරන්නන් සහ වගා කරන්නන් වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම

4 COMMENTS

  1. Maha vinasayaka arambaya. Mona upades dunnath ape rate minissu kawadawath pilipadinne na. Ema nisa oya shakaya vinasa kirima thama Honda. Finus, katupol wagawen thiyena naraka prathipala kauruth dannawane. Ape rate awenika Honda shaka, palathuru, elawalu Wanda karala kohewath thiyena dewal genavith pampori gahana ayata viruddawa kriyamarga gatha yuthui.

  2. හැම පැත්තෙන්ම ලංකාව විනාසයි…. මේවා අද්‍යාපන විශයනිර්දේශයට ඇතුලත්කර කුඩා අවදියේ සිටම අවබෝධයක් ලබාදිය යුතුයි…. ජනතාව දැනුවත් මදි හැමඅතින්ම…. විසිතුරු ශාක මුවාවෙන් තමයි ගොඩක්ම විනාශකාරී ශාක ලංකාවට ගේන්නේ විදේශීය කුමන්ත්‍රණවලට අපි නිකන්ම අහුවෙනවා අපේ හාමුදුරුවන් වහන්සේටත් ඒක අවබෝධ වී නැතිඑක හරිම කනගාටුදායකයි. පරිසර සංවිධාන , හරිත එකමුතු වගකිවයුතු නිලධාරීන් රටේ ජනතාව එකමුතුවියයුතු මොහොතයිමේ නැත්නම අපේ ජලාශටිකත් අපිට අහිමිවේවි😔😥

  3. මේක ලියපු කෙනා මේ ගැන පරීක්ෂණයක් කරලද මෙහෙම ලියන්නේ එහෙම නැත්නම් අර බල්ලා පොල්අත්තේ පැහැරුවා වගේද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!