spot_img
spot_imgspot_img

ඔස්කාර් සම්මාන ලැබූ නළුවාගේ සිරුර උද්‍යානයකින් හමුවෙයි

පුවත්

විදෙස්

ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය නළු ලී සුන්-ක්යූන් ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අද (27) දකුණු කොරියාවේ මධයම් සෝල් හි උද්‍යානයක තිබූ මෝටර් රථයකින් සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Parasite චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මානය දිනාගත්තේය.

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඔහු ඒ සම්න්ධ විමර්ශනයකට මුහුණ දී සිටි බව වාර්තා වේ. කිසියම් පුද්ගලයකු මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටින බවට දැනගන්නට ලැබී තිබූ අතර පසුව ඔහුගේ අනන්‍යතාව හඳුනාගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ ලී, සියදිවි නසාගැනීමේ සටහකට සමාන සටහනක් තබා නිවසින් පිටව ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.

සෝල් හි ගංග්නම් දිස්ත්‍රික්කයේ අවන්හලක සේවය කරන සේවිකාවකගේ නිවසේ දී මරිජුවානා සහ වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සැකය මත ලී පොලිස් ප්‍රශ්න කිරීම්වලට මුහුණ දී තිබිණි. පසුගිය සෙනසුරාදාට ඔහුට එවැනිම චෝදනාවක් එල්ල වී ඇත.

එම අවස්ථාවල දී ඔහු පවසා ඇත්තේ එම කාන්තාව තමන්ව රවටා මත්ද්‍රව්‍ය ලබාදුන් බවයි. තමන් පානය කරන්නේ කුමක්ද යන්න නොදන්නා බවත් ඔහු පොලිසියට පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!