spot_img
spot_imgspot_img

තරුණියන්ට ඉන්න නොදෙන, මාතර පොලිස් ලොක්කෝ

පුවත්

විදෙස්

මාතර උයන්වත්ත ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් නේවාසික ස්ථානයක නතර වී පුද්ගලික වෙළෙඳ සැළක රැකියාවේ නිරත වූ තරුණියන් දෙදෙනකු ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන නොතකමින් අත්අඩංගුවට ගත් මාතර මූලස්ථාන පොලිසිය ඔවුන් දෙමාපියන් වෙත භාර දී තිබේ.

ඊයේ (25) උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 ඉක්මවූ තරුණියන් දෙදෙනෙකි. ශ්‍රී ලංකාවේ වලංගු නීතිය අනුව වයස අවුරුදු 18 ඉක්මවූ අයකු වැඩිහිටියකු ලෙස සළකන අතර ඔවුන්ට තමන් කැමති රැකියාවක් කිරීමට, කැමති ස්ථානයක නතරවී සිටීමට සහ අවශ්‍යනම් දෙමාපිය කැමැත්ත නොමැතිව වුව ද විවාහ වීමට ද අයිතිය හිමිවෙයි.

මේ කිසිවක් නොතැකූ මාතර මූලස්ථාන පොලිසිය එම තරුණියන් දෙදෙනා ඔවුන් නැවතී සිටි කාමරයට ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන දෙමාපියන්ට භාරදීමට කටයුතු කර තිබිණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වැනි දා සිට ඔවුන් දෙදෙනා අතුරුදන්ව ඇතැයි ඔවුන්ගේ දෙමාපියන් විසින් ගලගෙදර සහ මාවතගම පොලිස් ස්ථානවෙත කරන ලද පැමිණිල්ලක් අනුව බව ද මාතර මූලස්ථාන පොලිසිය කියයි.

මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි වෙත ලද තොරතුරකට අනුව ඔවුන් පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

එමෙන්ම පොලිසිය මෙම පුවත සම්බන්ධයෙන් මාධ්‍යයට පවසමින් කියා ඇත්තේ ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධතාවක් පවතින බව අනාවරණය වී ඇති බවයි.

වසර ගණනාවක් දන්නා හඳුනන, එක්ව පන්තිවලට පවා සහභාගී වී, එකම බෝඩින් කාමරයක නතර වී එකම ස්ථානයක රැකියාවේ නිරතවන තරුණියන් දෙදෙනකු අතර සමීප සම්බන්ධතාවක් ඇතැයි පොලිසියට අනාවරණය වූ බව කීමට පොලිස් පරීක්ෂණයක් අවශ්‍යද යන්න ගැටලුවකි. එමෙන්ම ඒ මගින් පොලිස් නිලධාරීන් මෙම තරුණියන් වෙත වෙනස් අර්ථකථනයක් දීමට උත්සාහ ගන්නා බව ද පෙනී යයි.

මාතර පොලිසිය මෙම තරුණනියන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ කාමරයේ රඳවා ප්‍රශ්න කරන ආකාරය පවා දැක්වෙන ඡායාරූප මාධ්‍යයට නිකුත්කර තිබිණි.

එමෙන්ම එම තරුණනියන් දෙදෙනා කුරුණෑගල කොරියන් භාෂා පන්තියකට සහභාගීවන බව පවසා නිවෙස්වලින් පැමිණ බසයේ මාතරට පැමිණි ආකාරයත් බෝඩින් කාමර සොයාගත් ආකාරය පවා පොලිස් නිලධාරීන් විසින් මාධ්‍යවෙත යොමුකර තිබුණේ එහි කුණු රසයක් ඇති කරමිනි.

රැකියාවක නිරත තරුණියන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන්ට භාරදීමට පොලිසියට ඇති නීතිමය අයිතිය කවරේද යන්න විමසා බැලිය යුතුය.

පොලිසිය කර ඇත්තේ එම තරුණියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

මෙම සිද්ධිය මාධ්‍යයට නිකුත් කර ඇත්තේ මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ උපදෙස් මත ජේෂ්ඨ පොලීස් අධිකාරී මාතර 1 අයි.ජී.චන්ද්‍රසේනගේ අධීක්ෂණය යටතේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී සහ ලමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී ඩබ්ලිව්.ඒ.කාංචනා ඇතුළු කණ්ඩායමක් සිදුකළ බව පවසමිනි.

මේ තරුණියන්ගේ මානව හිමිකම් උල්ලංඝනයට ඔවුන් සියලු දෙනා වගකිව යුතුය.

(ඡායාරූපය – Matara Hot News)

3 COMMENTS

  1. පොලිසියේ හැමදාම කරේ නීතිය ක්‍රියාත්මක කිරීම නෙමෙයි වැරදියට එකෝ එයාලට හිතවත් ප්‍ර්ශ්වයකට අවශ්‍ය විදියට නීතිය අර්තකතනය කිරීමයි හරි අවශ්‍ය දේට නීතිය කරන්න ගියාම පොලිසිය බබා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!