spot_img
spot_imgspot_img

කෙහෙළිය සතුව ඇති ලේඛන, CID භාරයට

පුවත්

විදෙස්

ව්‍යාජ ලේඛන සකස්කරමින් ඉමියුනොග්ලොබියුලීන් ආනයනය කළා යැයි කියන සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සතුව ඇති ලියකියවිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (26) සිය භාරයට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි  කණ්ඩායමක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවෙසට ගොස්  ඔහුගෙන් අද (26) දහවල්  ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

මේ අවස්ථාවට රඹුක්වැල්ල වෙනුවෙන්  නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, එම අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම්  අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක  යන මහත්වරුන් ඇතුළු පිරිසක්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ප්‍රකාශයක් ලබාදුන්නේ පරීක්ෂණ කටයුතු සඳහා සහයවීමේ අපේක්ෂාවෙන් ස්වෙච්ඡාවෙන් ම බවයි. එමෙන් ම තමන් සතුව ඇති ලියකියවිලි භාරදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කළේ ද තමා කළ පැමිණිල්ලක් අනුව බවත් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!