spot_img
spot_imgspot_img

සුනාමියක් නිසා, එංගලන්තය බිහිවුණු හැටි

පුවත්

විදෙස්

වත්මන් එංගලන්තය යුරෝපයෙන් වෙන්කර ඇත්තේ අදින් වසර 8000කට පමණ පෙරාතුව සිදුවූ දැවැන්ත සුනාමියක් හේතුවෙන් යැයි විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

මෙම සුනාමිය ස්ටෝර්ගා ස්ලයිඩ් ලෙස හඳුන්වා ඇත. මෙම සුනාමියට හේතු වී ඇත්තේ නෝර්වීජියානු මුහුදු පත්ලේ සිදුවූ දැවැන්ත නාය යාමකි. විද්‍යාඥයන් පවසන්නේ මෙහි දී වර්ග සැතපුම් 30,000ක පමණ කොටසක් නාය ගොස් ඇති බවයි. එය වර්තමාන ස්කොට්ලන්තය හා සමාන වූ භූමි ප්‍රදේශයකි.ඩෙ

භූ විද්‍යාත්මක සාක්ෂිවලින් හෙළි වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපයේ සෙසු රටවල් සමඟ සම්බන්ධකරන පැරණි ගොඩබිම මේ හේතුවෙන් වෙන්ව ගිය බවයි. ඩොගර්ලන්ඩ් (ඩොගර්ලන්තය) ලෙස හැඳින්වූ එම භූමිය දැන් උතුරු මුහුදට යටවී තිබේ.

මෙවැනි සුනාමියක් මගින් අති විශාල හානියක් සිදුවන අතර ජනාවාස සහිත භූමිවල සිටින මිනිස් ජනගහනය කෙරෙහිද සිදුවන බලපෑම අතිවිශාලය.

කෙසේ වෙත්ත මේ වනවිට ස්කැන්ඩිනේවියාව, ෆාරෝ දූපත්, ඊසානදිග බ්‍රිතාන්‍යය හා ග්‍රීන්ලන්තය වැනි රටවලින් එම සුනාමිය පිළිබඳ සාක්ෂි හමුව තිබේ. එසේ වුව ද උතුරු මුහුදේ දකුණු කෙළවරේ සිට මේ දක්වා සෘජු සාක්ෂි කිසිවක් සොයාගෙන නැත.

ලින්කන්ෂයර් වෙරළට ඔබ්බෙන් වූ ‍ඩෝසිං ඩීප් නම් සාගර කලාපයට දකුණින් පිහිටි උතුරු මුහුදු කොටසෙන් ලබාගත් පාෂාණ හා කැඩීගිය හිරිගල් කොටස් සහිත දියයට ඇති තැන්පතු මේ සුනාමියේ සාක්ෂියක් ‍ලෙස විදයාඥයෝ සළකති.

මේ පිළිබඳ පර්යේෂණ සිදුකරන බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්ස් ගැෆ්නි පවසන්නේ මෙහි අවසන් සාක්ෂිය වූ උතුරු මුහුදට යටින් වෙනස් වී ඇති භූ දර්ශනය වන ඩොගර්ලන්තය ගවේෂණය කිරීම දැවැන්ත පුරාවිද්‍යාත්මක අභියෝගයක් බවයි.

පුරාවිද්‍යාඥයන්, සත්ත්ව විද්‍යාලඥයන් හා සාගර ගවේෂකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකට මේ භූමි ප්‍රදේශය ගවේෂණය කර එය පෙර තිබූ තත්ත්වය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. එමගින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිදුවූ මහා ස්වභාවික විපත්වලින් එකක් වන ස්ටෝර්ගා සුනාමිය සිදුවූ ආකාරය පිළිබඳවත් ඊට පෙර වත්මන් එංගලන්තය හා යුරෝපය එකිනෙක සම්බන්ධවී තිබූ ආකාරය පිළිබඳවත් පැහැදිලි තොරතුරු ලබාගත හැකිවනු ඇත.

විද්‍යාඥයන් මේ වනවිට විශ්වාස කරන්නේ අයිස් යුගයේ දී නෝර්වේ වෙරළට ආසන්නව පිහිටි සැතපුම් 120ක් පමණ දිගැති මහද්වීපික තටාක කොටසක් ගැඹුරු මුහුද දෙසට නාය යාමෙන් වසර 8,150ට පෙර ස්ටොර්ගා සුනාමිය ඇතිවී තිබෙන බවයි.

දිය යට සිදුවූ මෙම දැවැන්ත නාය යාම හේතුවෙන් සෑම දිශාවකට ම සුනාමි රළ යොමු වූ අතර නෝර්‍ේව සහ අයිස්ලන්තයේ වෙරළ තීරය පුරා විශාල සුනාමි තත්ත්වයක් ඇතිවිය. පර්යේෂකයන්ට අනුව සුනාමි රළ පහරට හසුවූ සියලු ප්‍රදේශවලට සිදුවූයේ දැවැන්ත විනාශයකි. ෆාරෝ දූපත්, ඕක්නි සහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන භූමියේ විශාල කොටසක් ද සුනාමි රළපහරට ගොදුරු විය. මේ සුනාමිය බ්‍රිතාන්‍යය සහ යුරෝපයේ ප්‍රධාන භූමිය අතර පැවැති පැරණි ගොඩබිම වන ඩොගර්ලන්ඩ් හරහා ද ඇදී ගියේය.

පර්යේෂකයන් පවසන්නේ වසරේ වැඩි කාලයක් වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වූ මෙසොලිතික් මානව ජනයා හදිසියේ ම ඇතිවූ මේ දැවැන්ත සුනාමිය හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි. සුනාමිය ඩොගර්ලන්තය විනාශ කරන අවස්ථාවේ සිටි මානවයන් ඇතැම් දූපත්වල නොමැරී ජීවත් වන්නට ඇත.

“වෙරළ තීරය සුනාමියෙන් විනාශවීමත් සමගම ඉන් දිවි ගලවාගත් අයට තම වාසස්ථාන, උපකරණ නොමැතිවීම ඉන් පසු පැමිණි ශීත සෘතුව අතිශය දුෂ්කර වන්නට ඇත.” යැයි පර්යේෂකයෝ කියති.

නමුත් පර්යේෂකයන් මේ දක්වාම උතුරු මුහුද හරහා ඩොගර්ලන්තය පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් සොයාගෙන නැත. විද්‍යාඥයන් මේ වනවිට විශ්වාසකරන්නේ ඩොගර්ලන්තයේ ජලයෙන් යටවීමෙන් පසු උතුරු මුහුදේ නොගැඹුරු ප්‍රදේශයේ නව මහද්වීපික තටාකයක් නිර්මාණය කර ඇති බවයි. එහි ඇති ජීවී තැන්පතු පරීක්ෂා කිරීමෙන් මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි සොයාගත හැකිවනු ඇත.

මේ වනවිට දකුණු මුහුදෙන් අනාවරණය කරගෙන ඇති භූ විද්‍යාත්මක නිධිවලින් සුනාමිය ඇති වූ බවට පහැදැලි සාක්ෂි පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. පාෂාණ ස්ථර, භූ රසායනික අවශේෂ, මයික්‍රොෆොසිල, අවසාධිත සහ පැරණි ඩීඑන්ඒ මත පදනම් වූ පර්යේෂණ මගින් මේ බව තහවුරු වෙයි.

බ්‍රැඩ්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වින්ස් ගැෆ්නි සඳහන් කරන්නේ වර්තමානයේ මුහුදු මට්ටම ඉහළ යාමත් සමග මේ ප්‍රදේශවල දිගු කාලීන ඉරණම තීරණය වී ඇති බවයි.

”දේශගුණය වෙනස් වෙමින් පවතිනවා. මේ සුනාමියටත් හේතුවන්නට ඇත්තේ අතීතයේ පැවැති අයිස් යුගයෙන් පසු ප්‍රාග් ඓතිහාසික යුගයේ දී සිදුවූ දේශපාලනික වෙනස් කම්. අද වර්තමානය වනවිට මිනිස් ක්‍රියාකාරකම් ‍හේතුවෙන් දේශගුණය වෙනස්වන වේගය වැඩිවෙලා තියෙනවා. නමුත් ඒ වෙනස්කමත් අතීතයේ සිදුවූ වෙනස්කම්වලට බොහෝ සෙයින් සමානයි. විශේෂයෙන් ම වෙරළබඩ ප්‍රදේශවලට මෙය බලපානවා. මෙයින් ලෝකයේ හැඩරුව වෙනස් වෙනවා.” ඔහු පවසයි.

මේ සම්බන්ධ පර්යේෂණ වාර්තාව අන්තර්ජාතික භූවිද්‍යා සඟරාවේ ප්‍රකාශයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!