spot_img
spot_imgspot_img

සඳම‍ඬලේ චමත්කාරය අද රාත්‍රී අහසේ දිස්වෙයි

පුවත්

විදෙස්

සඳ වටා අද (22) රාත්‍රියේ, සඳමඬල ඉතාමත් පැහැදිලිව දක්නට ලැබිණි.

සඳ වටා වළල්ලක ආකාරයෙන් පිහිටි ආලෝක ධාරාව සඳ මඬල ලෙස හැඳින්වේ

අද (22) රාත්‍රී 7.00 පමණ සිට මෙම සඳමඬල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට දිස්වී තිබේ. මෙලෙස සඳමඬල දිස්වන්නේ පැහැදිළි අහසක් සහිත හොඳින් හඳ පායා ඇති දිනක දී ඉහළ වායුගෝලයේ ආද්‍රතාවය හෙවත් වායුගෝලයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වූ විට දී ය.

සූර්ය ආලෝකය හඳ මත පතිත වී එම ආලෝකය පෘථිවිය වෙත පැමිණීමේ දී වායුගෝලයේ ඇති ජල වාෂ්ප හරහා ගමන් කිරීමේ දී එම අලෝකය වර්තනය වීම හේතුවෙන් දිවාකාලයේ දී දක්නට ඇති දේදුන්නක් සේ සඳ වටා වළල්ලක් සේ දිස්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!