spot_img
spot_imgspot_img

චීනයේ භූ කම්පනයෙන් 126ක් මරුට

පුවත්

විදෙස්

චීනයේ වයඹ දිග ගන්සු පළාතේ ඇතිවූ රිච්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයෙන් 126 දෙනකු පමණ මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ 700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව පැවසේ.

රාජ්‍ය රූපවාහිනියේ සහ සමාජ මාධ්‍ය ජාලවල පෙන්වූ දර්ශනවලින් පෙන්නුම් කළේ භූමිකම්පාවෙන් ගම්මාන දෙකඩ වී ඇති අතර ගොඩනැගිලි සහ නිවාස කඩා වැටී ඇති බවයි.

තම නිවෙස්වලින් පලා ගිය නිවැසියන් කඩිමුඩියේ ඉදිකරන ලද ඉවත් කිරීමේ කඳවුරුවල ලැගුම් ගත්හ. අඟහරුවාදා උෂ්ණත්වය -13C (8.7F) දක්වා පහළ ගොස් ඇති බව චීන මාධ්‍ය වාර්තා කළේය.

“මම මගේ පවුලේ අයව අවදි කළා, අපි එක හුස්මට තට්ටු 16ම පහළට දිව්වා,”එක් පුද්ගලයෙක් පැවසීය.

ගන්සු පළාතේ දරුණුතම බලපෑමට ලක් වූ ජිෂිෂන් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නිලධාරීන් පැවසුවේ ප්‍රදේශයේ ගොඩනැගිලි 5,000 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බවයි.

චීන මාධ්‍ය පවසන්නේ ගම්වල දුර්වල ගොඩනැගිලි මෙවන් පුලුල් පරිමානයේ හානියට හේතු වී ඇති බවයි. ප්‍රදේශයේ බොහෝ නිවාස පැරණි ඒවා වන අතර මැටි වලින් සාදා ඇත.

ගන්සු පිහිටා ඇත්තේ ටිබෙට් සහ ලෝස් සානුව අතර මොංගෝලියාවට මායිම්වය. භූමිකම්පාව සිදුවූ මෙම කලාපය චීනයේ දුප්පත්ම සහ ජනවාර්ගික විවිධත්වයන්ගෙන් සමන්විත එකකි.

https://www.bbc.com/news/world-asia-china-67756228

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!