spot_img
spot_imgspot_img

ජනපති රනිල්, හෝර්ටන් තැන්නට ගොස් ඉඩම් මායිම් සොයයි

පුවත්

විදෙස්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද (15) හදිසියේ ම හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරතවූයේ ය.

ඔහු එහි දී කියා සිටියේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත කලාපය  ඉහළ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බවයි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටි වනජීවී අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තිබූ අමුත්තන්ගේ පොතෙහි සටහනක් ද තබා ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණයක ද නිරතවිය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට ඇතුළත් කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!