6.8 C
New York

“ගල් ගැහුවොත්, අපිත් බලාගන්නම්” බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක්

Published:

“අපිට ගල් ගහන්න එන්න එපා. එසේ ගල් ගහන සියලු දෙනා සම්බන්ධවම බලාගන්නම්.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එම පක්ෂ සමුළුවේ දී කීවේය.

“ඒවාට එනවා නම් අපි ඒවටත් ලෑස්තියි. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවාම ඌ බුර බුරා තවත් හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා ආපස්සට හැරිලා කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමයි අපිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්. අපිට ගහන්න එන්න එපා. අපිත් බලාගන්නවා.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ යළි පිහිටුවන පොදුජන පෙරමුණු ආණ්ඩුව මේ වැනි ආණ්ඩුක් නොවන බවයි. එය ජවසම්පන්න ආණ්ඩුවක් වනු ඇතැයි ද කීවේය.

ගම්වලට ගොස් උඩ බැලුවත්, බිම බැලුවත්, පොළොව යට බැලුවත් ඕනෑම තැනක දකින්න ලැබෙන්නේ මහින්ද රාජප්කෂ විසින් කළ දේ බවත් එහි අයිතිය වෙන කිසිවකුට ලබා නොදෙන ලෙසත් බැසිල් රාජපක්ෂ සමුළුවට පැමිණි අයගෙන් ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

spot_img