spot_img
spot_imgspot_img

ජී.එල් ඇතුළු 10ක් සජබෙට. ඩලස් ඇතුළු 03ක් පොහොට්ටුවට ? දේශපාලන පිල් මාරුවවක් ළඟ දී ම

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ ජී.එල්.පීරිස් ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනකු සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයටත්, ඩලස් අලහප්පෙරුම ඇතුළු තිදෙනකු නැවත පැරණි දේශපාලන කඳවුරටත් නොබෝ දිනකින් එකතුවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් නිදහස ජනතා සභාව දෙකඩ වී ඇත.

මේ අතර විමල් වීරවංශ, උදය ගම්මම්පිල ඇතුළු උත්තර ලංකා සභාගය ද නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවීමට නියමිතය.

මේ සන්ධාන පිහිටුවීමේ දී ප්‍රධාන සාධකයක් වී තිබුණේ සමගි ජන බලවේගයේ නායක වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබා දෙන්නේ නම් එම කණ්ඩායමේ අයකුට අග්‍රාමාත්‍ය ධූරය අවශ්‍යය යන්නයි.

ඒ සඳහ ජී.එල්.පීරිස්ගේ නම යෝජනා වී තිබුණ ද ජී.එල්.පීරිස් අගමැතිධූරය යන කොන්දේසිය ඉදිරිපත් කරමින් සන්ධානගතවීමට අකමැත්තක් දැක්වීම හේතුවෙන් ඔහු ඇතුළු 10 දෙනකු එවැනි කොන්දේසියක් නොමැතිව තව නොබෝ දිනකින් සමගි ජන බලවේගය සමඟ එකතුවනු ඇත.

ඩලස් අලහප්පෙරුම ඇතුළු තිදෙනකුගේ අපෙක්ෂාව වී ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මම්පිල ප්‍රමුඛ උත්තර ලංකා සභාගය සමඟ අත්වැල් බැඳගෙන රාජපක්ෂවරයකු නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමේ කොන්දේසිය සහිතව පොහොට්ටුව සමඟ අත්වැල් බැඳගැනීම බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ අරගලය කාලයේ දී ස්වාධීනවූ කණ්ඩායම් නැවත කඳවුරු ගතවෙමින් පවතින අතර ඉදිරි දින කිහිපයේ දී මෙම දේශපාලන පෙරළිය දැගත හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!