spot_img
spot_imgspot_img

කොමර්ෂල් බැංකු කාඩ්පත් හිමියන්ට, උත්සව සමයේ 50% දක්වා වට්ටම්

පුවත්

විදෙස්

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට රපුරා පිහිටි විවිධ අළෙවිසැල් 3,500ට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට කටයුතු කර තිබේ.

මේ සඳහා කොමර්ෂල්බැංකුව සමාගම් 450ට අධික සංඛ්‍යාවක් සමඟ එක්ව ඇත.

කොමර්ෂල් බැංකුව සඳහන් කරන්නේ උත්සව කාලයේ දී කාඩ්පත් ගනුදෙනු ප්‍රවර්දනය කිරීමට මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි.

2023 දෙසැම්බර් මස 31 වැනි දාදක්වා මෙම වට්ටම් පිරිනැමීම සිදු වෙයි.

එහි දී ව්‍යාපාරික හවුල්කරුවන් ලෙස ඇඳුම් පැළඳුම් සහ විලාසිතා උපාංග වෙළෙඳ ආයතන 180ක්, ලයිෆ් ස්ටයිල් වෙළෙඳ ආයතන 54ක්, සපත්තු සහ සම්භාණ්ඩ වෙළෙඳ ආයතන 26ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය උපාංග වෙළෙඳ ආයතන 12ක්, සුපිරි වෙළෙඳසල් 07ක්, මෝටර් රථ සමාගම් 06ක්, ඔරලෝසු සහ උපාංග වෙළෙඳ ආයතන ක්, භෝජන සේවා නියෝජිතායතන 04ක්, අධ්‍යාපන සේවා ආයතන 04ක් සහ පොත් සාප්පු 02ක්ද බැංකුව සමග සම්බන්ධ වී තිබේ.

මෙයට අමතරව ප්‍රවර්ධන කාලසීමාව තුළදී ‘ඔන්ලයින්’ වෙළෙඳ හවුල්කරුවන් 85දෙනෙකු විසින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වට්ටම් පිරිනැමීම ද සිදුකරයි.

එසේම වසර අවසානයට පෙර මිලදී ගන්නා ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදිය සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ලබා දීමටද තවත් වෙළෙඳ හවුල්කරුවන් 15 දෙනෙකුද ඉදිරිපත්ව ඇත.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මෙම ප්‍රවර්ධන වැඩසටහන ගැන මෙසේ ප්‍රකාශ කළේය.

‘අපගේ කාඩ්පත් ප්‍රවර්ධනය හරහා සෑම කෙනෙකුටම යමක් ලබාදෙන අතර, එය සාප්පු සවාරි පමණක්ම නොවේ. විවිධ හවුල්කාර වෙළෙඳුන් විසින් කාඩ්පත් හිමියන්ට හෝටල් නවාතැන් පහසුකම්, ආහාරපාන භුක්ති විඳීම සහ ස්වයං සත්කාරක සේවා භුක්ති විඳීමටද පහසුකම් සලසා ඇත. එසේම මෙලෙස පිරිනමන වට්ටම් හරහා අධ්‍යාපනික වැඩසටහන් සඳහා ගෙවීම් මෙන්ම, නිවෙස් හැඩගැන්වීම් උදෙසා ආයෝජනයන් සිදුකරන අතරම, ඉතිරි කිරීමට හැකි වනු ඇති.’

(Advertorial)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!