spot_img
spot_imgspot_img

“ක්‍රිකට් තහනම් කරන්න” යැයි, ෂම්මිගේ පාවාදීම පාර්ලිමේන්තුවට

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට හේතුවක් වූ බව කියන ලිපියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ආයතනයට අනවශ්‍ය අතපෙවීම් කරන බවට චෝදනා කරමින් එහි සභාපති ශම්මි ද  සිල්වා විසින් මෙම ලිපිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමුකර තිබිණි. විපක්ෂනායකවරයා චෝදනා කරන්නේ මෙම ලිපිය ක්‍රිකට් තහනමට හේතු වූ බවයි.

එම ලිපිය ඔහු විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බර්ක්ලේ වෙත 2023 අගෝස්තු 28 වැනි දා යවා ඇති බව පවසමින් විපක්ෂ නායකවරයා එම ලිපිය සභාගත කළේය.

එම ලිපිය මගින්, ක්‍රීඩා අමාත්‍යංශයට චෝදනා එල්ලකර ඇති බවත්, ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා මෙරට ක්‍රිකට් තරඟාවලිවලට අනිසි බලපෑම් කළ බවටත් , ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට වැටුප් ගෙවන ලෙස ඉල්ලා සිටි බවත්, LPL තරඟාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවසර ලබාගැනීමට ක්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා බලපෑම් කළ බවත්, එම වාර්තාවේ කෙටුම්පත පිටවී ඇති බවත් අදාළ ලිපියේ සඳහන් බව විපක්ෂ නායකවරයා කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුදල්වලින් සියයට 20ක් ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදීමට ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් කළ බව සඳහන් තවත් කරුණක්ද එම ලිපියේ අඩංගු බවද ඔහු පැවසීය.

සභාගත කරන ලද එම ලිපියට අමතර තවත් ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම පැනවීමේ වාතාවරණය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයා විසින් බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ක්‍රිකට් සභාපතිවරයා විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාවා දී ඇති බවයි. එබැවින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

විපක්‍ෂ නායකවරයා ලිඛිත සාක්‍ෂි සහිතව එය හෙළිදරව් කිරීම බරපතළ බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, එම චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!