spot_img
spot_img

දිඹුලාගල සෙල්ලිපිය, පිටපත් කර අවසන්

පුවත්

විදෙස්

දිඹුලාගලින් සොයාගන්නා ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වූ විශාලත ම සෙල්ලිපිය පිටපත් කර අවසන් යැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද පවසන්නේ දිගින් අඩි 50ක් සහ උසින් අඩි 09ක් පමණ වන මෙම සෙල්ලිපිය පිටපත් කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස 26 වැනි දා සිට සිදුකළ බවයි. නොවැම්බර් 18 වැනි දා එම කටයුතු අවසන්ව ඇති අතර එහි සඳහන් අක්ෂර කියවීමේ කටයුතු තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදුකිරීමට නියමිතය.

පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විත මෙම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව 300-100ත් අතර කාලයේ දී ලියන්නට ඇති බවයි. කෙසේ වෙතත් එහි සඳහන් කරුණු කවරේද යන්න පිළිබඳ ස්ථිර නිගමනයකට එළැඹිය හැකිවන්නේ එම ලිපිය සම්පූර්ණයෙන් ම කියවා අවසන් වීමෙන් පසුව බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල පවසයි.

ලිපිය පිටපත් කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 12ක පමණ පිරිසක් අධික වැසි පවා නොතකා ඊට සම්බන්ධව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!