spot_img
spot_img

හාමුදුරුවන්, ඝාතකයෙක් වෙයි

පුවත්

විදෙස්

හිමිනමක විසින් තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (19) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි කරාපිටිය රෝහල් ආරංචි මාර්ග පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, දෙනියාය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, ඔහුට පල්ලේගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන වයස අවුරුදු 18ක් පමණ වන  හිමිනමක විසින් දෙනියාය, පල්ලේගම ගංගොඩ පාරේ පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාස⁣ය අසල දී පසුගිය 16 වැනි දින පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත පිහියකින් පහර දී තිබිණි.
 
මෙම පොලිස් නිලධාරියා උඩගොමඩිය, කටුවන ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකු වන අතර, සැකකර හිමි නමගේ වයස 20ක් පමණ වන සහෝදරියක සමඟ මෙම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට පොලිස් මූලික විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මෙම ප්‍රේම සම්බන්ධතාව නවතා දමන ලෙස හිමිනම විසින් පොලිස් නිලධාරියාට අවස්ථා කිහිපයක දී දැනුම්වත් කොට තිබූ නමුත් එම පොලිස් නිලධාරියා ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යන හිමිනමගේ සහෝදරියගේ නිවසට ඉකුත් 16 වැනි දින   ගොස් සිටිය දී සැකකාර හිමිනම විසින් නිලධාරියාට දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී තිබූ බවත් ඒ අනුව හිමිනම සහ පොලිස් නිලධාරියා පල්ලේගම ගංගොඩ පාර පිහිටි සම්බෝධි වැඩිහිටි නිවාසය අසල දී හමු වී ඇති බවත් වාර්තා වේ.

එම අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසුව සැකකාර හිමිනම විසින් බෑගයේ සඟවා තිබූ තියුණු ආයුධයකින්  පොලිස් නිලධාරියාගේ ගෙල ප්‍රදේශයට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පහරදීම සිදු කළ සැකකාර හිමිනම දෙනියාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර, සැකකාර හිමිනම් මේ මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!