spot_img
spot_imgspot_img

අත්පා සහ හිස නැති කාන්තා මළ සිරුරක් හමුවෙයි

පුවත්

විදෙස්

අතුරුදන් වූ බව පැවසූ ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාව ඝාතනය කර අත් පා සහ හිස කපා ඉවත්කර කඳ කොටස පමණක් කැලණි ගඟ ඉවුරේ තිබී හමු වූ බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව පසුගිය 27 වැනි දා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ දියණිය විසින් මුල්ලේරියාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කරන ලද සෝදිසිකිරීම්වල දී මෙම කොටස් සොයාගෙන ඇත.

ඇය අතුරුදන් වූ දිනයේ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේ දී පෙනීගොස් ඇත්තේ මුල්ලේරියාවේ සිට කඩුවෙලට යන ඇය එහි දී කාරයක්තුළ සිටි පුද්ගලයකු හමු වී ඔහු සමඟ ආපන ශාලාවකින් ආහාර ලබාගන්නා බවයි. අනතුරුව ඇය ඔහුගේ කාරයේ නැගී පිටත්ව ගොස් ඇත.

මෙම පුද්ගලයා සහ ඇය අතර සමීප සම්බන්ධතාවක් තිබූ බව අනාවරණය වූ බැවින් පොලිසිය සියඹලාපේ ප්‍රදේශයෙ අතහැර දමා තිබූ එම සැකකරුට අයත් නිවසක් සෝදිසි කර තිබිණි. එහි කාමරයක තිබී ලේ පැල්ලම් කිහිපයක් සහ දිගැති හිස කෙස් හමු වී ඇති අතර තවත් තැනක තිබී අර්ධ වශයෙන් පිළිස්සුණු කාන්තා ඇඳුම් ද සයොාගත හැකි වී තිබිණි.

ඒ අවට ප්‍රදේශය සෝදිසි කිරීමේ දී නිවසේ සිට කි‍ලෝ මීටරයක් පමණ දුරින් කැලණි ගං ඉවුරේ තිබී අත්පා සහ හිස නොමැති කාන්තා සිරුරු කොටසක් සොයාගෙන ඇති අතර අතුරුදන් වූ කාන්තාවගේ දියණියට ඇතුළු ඥාතීන් මෙම සිරුරු කොටස අතුරුදන්ව සිටි ප්‍රදීපාගේ බව හඳුනාගෙන තිබේ.

පොලිසිය පවසන්නේ ඇය ගිය කාරයේ හිමිකරු 55 හැවිරිදි ව්‍යාපාරිකයකු බව අනාවරණය වූ බවයි. මේ වනවිට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!