4.6 C
New York

Food city යේ දී පහරකෑ කාන්තාවගෙන්, පොලිසියට චෝදනා

Published:

කාර්ගීල්ස් සුපිරි වෙළෙඳ සැළක දී එහි සේවකයන්ගේ පහරදීමට ලක් වූ කාන්තාවට පොලිසියෙන් දැඩි බලපෑම් එල්ල වූ බවත් පොලිසිය කාර්ගීල්ස් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් තමන්ට යුක්තිය ඉටු නොකළ බවත් එලෙස පහරකෑමට ලක්වූ කාන්තාව අද (29) ප්‍රකාශ කළේය.

ඇය පවසන්නේ මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට තමන් බොරැල්ල පොලිසියට ගිය අවස්ථාවේ දී එම ආයතනයට එරෙහිව කිසිදු ප්‍රකාශයක් නොකරන ලෙසට පොලිස් නිලධාරීන් පැවසූ බවයි. කාර්ගීල්ස් ආයතනයට එරෙහිව කිසිවක් නොකියා සිටියහොත් එම සමාගමෙන් රුපියල් 50,000.00ක් හෝ 100,000.00ක් අරගෙන දීමට හැකි බව ද පොලිස් නිලධාරීන් තමන්ට පැවසුවේ යැයි ඇය කියන්නීය. එමෙන් ම මාධ්‍යවෙත මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදුනහොත් මත්ද්‍රව්‍ය චෝදනා මත නඩු පවරන බවට ද පොලිසිය තර්ජනය කළේ යැයි ඇය චෝදනා කරයි.

තමන්ට පහරදුන් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා පවත්වන පෙරට්ටුවේ දී ඔවුන් හඳුනානොගන්නා ලෙස ද පොලිසිය බලපෑම් කළ බව ද ඇය අද මාධ්‍යයට කීවාය. මෙම පහරදීමෙන් තමන්ට ඇති වූ ශාරීරික අපහසුතා හේතුවෙන් රෝහල්ගතවීමට සූදානම් වූ විට බොරැල්ල පොලිසිය ඊට විරෝධය දක්වමින් පහරදුන් තැනැත්තියන් සම්බන්ධයෙන් සානුකම්පිතව බලා රෝහල් ගත නොවන්න යැයි කී බව ද ඇප පවසයි.

ඇය එහි දී වැඩිදුරටත් කියා සිටින්නේ තමන් කිසිදා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවක් නොවන බවයි. එය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළහොත් තහවරු කරගත හැකිවනු ඇතැයි ද ඇය පවසයි. එමෙන්ම තමන් කාර්ගීල්ස් සුපිරි වෙළෙඳ සැළෙන් දරුවන්ට පානය කිරීමට දීම සඳහා කිරිපිටි පැකට්ටුවක් සොරකම් කළ බව ඇය පිළිගනී. නමුත් තමන් කුඩු කාරියක්යැයි කියන කතා ඇය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන්නීය.

ඇය කියන කතාව පහළින්

https://web.facebook.com/www.news19.lk/videos/7436989149648556

Related articles

Recent articles

spot_img