9.8 C
New York

එට්නා ගිනිකන්ද සක්‍රිය වෙයි. ගුවන් ගමන් නතරකරයි

Published:

ඉතාලියේ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එට්නා යනු යුරෝපයේ පිහිටි වඩාත් සක්‍රීය ම ගිනිකන්දයි.

ගිනිකන්ද සක්‍රීයවීමත් සමඟ අළු සහ දුමාරය පිටවීම ආරම්භ වී ඇති නිසා, සිසිලියේ කැටානියා ගුවන්‍තොටුපොළේ ගුවන් ගමන් ද මේ වනවිට අවලංගුකර තිබේ. ගිනිකන්දේ සිට කිලෝ මීටර 150ක් ඈතින් පිහිටි කොමිසෝ ගුවන්තොටුපළ ද මෙම පිපිරීම හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ. එම ගුවන්තොටුපොළේ ද ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වී හෝ අවලංගු කර දැමීමට හෝ සිදුව ඇත.

අළු විසිරීම හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුළ යතුරුපැදි සහ බයිසිකල් පැදීම ද නතරකරන ලෙස නගරාධිපතිවරයා දැනුම් දී තිබේ. මාර්ගවලට අළු පතිතවීම හේතුවෙන් ලිස්සන සුළු ස්වභාවක් පැවතීම ඊට හේතු වී ඇත.

Related articles

Recent articles

spot_img