spot_img
spot_imgspot_img

වෑන් රථයක් ලොරි දෙකක ගැටී තිදෙනෙකු මරුට

පුවත්

විදෙස්

මහනුවර යාපනය ඒ-9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද (15) අලුයම වාහන තුනක් අනතුරට ලක්ව පුද්ගලයන් තිදෙනකු මියගොස් ඇතැයි මාන්කුලම පොලිසිය පවසයි.

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් ඉදිරියෙන් නවතා තිබූ ලොරියක වැදී එම ලොරිය නවතා තිබූ තවත් ලොරියක වැදී ඇත. පළමුව ගැටුණු ලොරියේ පිටුපස සිටි පුද්ගලයකු සහ වෑන් රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇත.

පොලිසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ මුල්ලේරියාව නව නගරයේ පදිංචි වයස අවුරුදු 38ක් වූ පුද්ගලයකු, වැල්ලම්පිටියේ පදිංචි වයස අවුරුදු 46ක් වූ පුද්ගලයකු සහ යාපනයේ පදිංචි වයස අවුරුදු 58ක් වයසැති අයකු බවයි.

පළමුව ගැටුණු ලොරියේ රියදුරා රියදුරු අසුනෙන් බැස ලොරි රථ දෙක අතර සිට ඇති බවත් ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය කීවේය..

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!