spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 26,994ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,986ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 203ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,392ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 1,265
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 214
  • ලංකා ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 164

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 38
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 09
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම 20%
  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 15%
  • එස්එන්බී ලීසිං සමාගම 14%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 347,000ක් රුපියල් 145.50 බැගින්
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 1.9ක් රුපියල් 11.10 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 260,000ක් රුපියල් 80.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 300,000ක් රුපියල් 86.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 284
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 249
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 219

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 66ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,013කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 947ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉව්ත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 07
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 05
  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 754
  • ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 67
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 67

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles