spot_img

STF වෙඩිල්ලකින්, පුද්ගලයකු මරුට

පුවත්

විදෙස්

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි පපුද්ගලයෙකි.

මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (19) රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ කණ්ඩායමක් මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයට ගිය බවත් එහි දී ඇති වූ වෙඩි හුවමාරුවක දී එම පුද්ගලයා මියගිය බවත් පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු ටී-56 අවියකින් වෙඩි තබා ඇති බවයි. එම අවස්ථාවේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද ‍ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් තුවාල ලැබූ සැකකරු මිනුවන්ගොඩ ‍රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ සිදු වූ මිනිස් ඝාතනයක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බව ද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles