spot_img
spot_imgspot_img

අතුරුදන් වූ, ඩෙන්මාර්ක් කතගේ මළ සිරුරු බෑවුමක තිබී සොයාගනී

පුවත්

විදෙස්

කඩුගන්නාව, අලගල්ල කන්ද තරණය කරමින් සිටිය දී අතුරුදන් වූ ඩෙන්මාර්ක කාන්තාවගේ මළ සිරුර එම කාන්ද පාමුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවකි.

ඇය ජුනි මස 26 වැනි දා සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ජූලි 10 වැනි දා මහනුවර බැක්පැකර්ස් නිවාඩු නිකේතනයට පැමිණ නතරවී තිබිණි. පසුදින, එනම් 11 වැනි දා උදෑසන එහි කළමනාකාරීත්වයට පවසා ඇත්තේ තමන් පයින් ම අලගල්ල කන්ද තරණය කර ආපසු පැමිණෙන බවයි. මේ සඳහා ඇය මඟපෙන්වන්නකුගේ සහාය ද ලබාගෙන නැත.

එදින රාත්‍රී ඇය නැවත නේවාසික ස්ථානයට නොපැමිණීම හේතුවෙන් එහි කළමනාකාරීත්වය විසින් පොලිසියට දැනුම්දීමක් කර ඇත. ඒ අනුව පොලිසිය සෝදිසි මෙහෙයුමක් කළ ද ඇය සොයාගත නොහැකි විය. ඊයේ (13) පොලිස් විශේෂ කාර්ය බළකාය ද මෙහෙයුමට එක් වූ අතර අද පෙරවරුවේ මෙම කාන්තාවගේ මළ සිරුර අලගල්ල කන්දේ බෑවුමක තිබී සොයාගෙන ඇත.

පොලිසිය සඳහන් කරන්නේ එම කාන්තාව කන්ද තරණයකරමින් සිටිය දී ඇදවැටීමෙන් මියයන්නට ඇති බවයි. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්වත් කර ඒ ඔස්සේ ඩෙන්මාර්ක් තානාපති කාර්යාලය මගින් ඇගේ ඥාතීන්ට දැනුම්දීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!