spot_img
spot_imgspot_img

ඉන්දියාවේ තෙවන සඳ මෙහෙයුම සූදානම්

පුවත්

විදෙස්

ඉන්දියාව සිය තුන්වන සඳ මෙහෙයුම වන චන්ද්‍රයාන් 3, සිකුරාදා (15) දියත් කිරීමට සූදානම්ව සිටියි. එම මෙහෙයුමෙහි අරමුණ වන්නේ සඳෙහි සුළුවෙන් ගවේෂණය කර ඇති දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින පළමුවැන්නා වීමයි.

රෝවරය සහිත චන්ද්‍රයාන්-3 යානය සිකුරාදා ශ්‍රීහරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතය.

යානය අගෝස්තු 23-24 දිනවල සඳ වෙත ළඟා වීමට නියමිත බව අභ්‍යවකාශ නිලධාරීන් පවසයි.

එය සාර්ථක වුවහොත්, එක්සත් ජනපදය, පැරනි සෝවියට් සංගමය සහ චීනයට පසුව සඳ මත පහසු ගොඩබෑමක් සිදු කළ සිව්වන රට ඉන්දියාව වනු ඇත.

ඉන්දියාවේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ තුන්වැන්න වන චන්ද්‍රයාන්-3 එහි පෙර සඳ මෙහෙයුම්වල සාර්ථකත්වය මත දියත් කිරීමට අපේක්ෂා කෙරේ. ඉන්දියාව විසින් 2008 දී සිදුකළ ප්‍රථම සඳ මෙහෙයුමෙන් වසර 13 කට පසුව මෙම මෙහෙයුම සිදු කරයි. 

චන්ද්‍රයාන්-2 මෙහෙයුම 2019 ජූලි මාසයේදී දියත් කරන ලද නමුත් එය සාර්ථක වූයේ අර්ධ වශයෙනි. එහි කක්ෂය අදටත් සඳ වටා ගමන් කරමින් අධ්‍යයනය කරමින් සිටින නමුත් රෝවරය මෘදු ගොඩබෑමක් සිදු කිරීමට අපොහොසත් වූ අතර ස්පර්ශ කිරීමේදී කඩා වැටුණි. තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් නිසා යානය කඩා වැටුණු බව පැවසේ.

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ඉස්රෝ) ප්‍රධානී ශ්‍රීධර පනිකර් සෝමනාත් පවසා ඇත්තේ ඔවුන් පසුගිය කඩා වැටීමේ දත්ත හොඳින් අධ්‍යයනය කර දෝෂ නිවැරදි කිරීම සඳහා අනුකරණ අභ්‍යාස සිදු කර ඇති බවයි.

3,900kg බරැති සහ රුපියල් බිලියන 6.1ක පිරිවැයක් සහිතව දියත් වන චන්ද්‍රයාන්-3 හි එකම අරමුණ සඳ මතුපිට මෘදු ගොඩබෑමක් සහතික කිරීම බව ඔහු තවදුරටත් පැවසීය.

“රෝවරය උපකරණ පහක් රැගෙන යන අතර එමඟින් චන්ද්‍රයාගේ මතුපිට භෞතික ලක්ෂණ, මතුපිටට ආසන්න වායුගෝලය සහ මතුපිටට පහළින් සිදුවන දේ අධ්‍යයනය කිරීම සඳහා භූගෝලීය ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කරනු ඇත. අප බලාපොරොත්තු වෙනවා අපි බලාපොරොත්තු වෙනවා. අලුත් දෙයක් හොයාගන්න,” ඔවුහු වැඩිදුරටත් පවසති.

සිකුරාදා ගුවන්ගත වීමෙන් පසු යානය සඳෙහි කක්ෂයට ඇතුළු වීමට දින 15ත් 20ත් අතර කාලයක් ගතවනු ඇත. විද්‍යාඥයන් ඊළඟ සති කිහිපය තුළ රොකට්ටුවේ වේගය අඩු කිරීමට පටන් ගෙන එය ලෑන්ඩරයට මෘදු ගොඩබෑමකට ඉඩ සලසන ස්ථානයකට ගෙන එනු ඇත.

සියල්ල සැළසුම් කළ පරිදි සිදුවුවහොත්, රෝද හයේ රෝවරය ලෑන්ඩරයෙන් පිටවී ග්‍රහලෝකයේ මතුපිට ඇති පාෂාණ සහ ආවාට වටා සැරිසරමින්, විශ්ලේෂණය සඳහා පෘථිවියට එවීමට දත්ත සහ පින්තූර රැස්කරනු ඇත.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය තවමත් බොහෝ දුරට ගවේෂණය කර නොමැත – එහි සෙවනැල්ලේ පවතින මතුපිට ප්‍රදේශය චන්ද්‍රයාගේ උත්තර ධ්‍රැවයට වඩා විශාල වන අතර එයින් අදහස් කරන්නේ ස්ථිරව සෙවනැල්ලක් ඇති ප්‍රදේශවල ජලය ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.

https://www.bbc.com/news/world-asia-india-66185565

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!