spot_img
spot_imgspot_img

දංකොටුව පෝසිලේන්, බහුතර කොටස් විකුණා දමයි

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ඊයේ (13) දිනයේ ගනුදෙනු අතරතුර මෙතෙක්, දංකොටුව පෝසිලේන් සමාගමේ 72%ක කොටස් අයිතියක් හිමිව තිබූ අම්බන් හෝල්ඩින්ස් සමාගම විසින් කොටස් 50.1% සීලයින් ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත විකුණා ඇත.

මෙම ගනුදෙනුවේ දී දංකොටුව පෝසිලේන් සමාගමෙහි කොටස් මිලියන 81.4ක් රුපියල් 28.30 බැගින් ගනුදෙනු වූ අතර කොටස් ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් බිලියන 2.3කි. එම මිල දී ගැනීමත් සමඟ කොටස් මිල දී ගත් නව සමාගම වන සීලයින් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් දංකොටුව පෝසිලේන් සමාගමේ ඉතිරි කොටස් සියල්ලට රුපියල් 28.30 බැගින් මිල දී ගැනීමට නියමිතව ඇත.

දංකොටුව පෝසිලේන් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් වන අතර දංකොටුව යන වෙළෙඳ නාමය සහ රෝයල් සයන්වුඩ් යන නාමයන්ගෙන් භාණ්ඩ නිෂ්පාදනය කරයි. මෙලෙස නිෂ්පාදනය කරන භාණ්ඩ ඕස්ට්‍රේලියාව, ග්‍රීසිය, ජර්මනිය ඇතුළු රටවල් 28ක් වෙත අපනයනය කරයි.

අවසාන විගණන වාර්තාව අනුව දංකොටුව පෝසිලේන් සමාගම එක් කොටසකින් රුපියල් 3.06ක ලාභයක් උපදවා ඇති අතර එක් කොටසක ශුද්ධ වටිනාකම රුපියල් 19.40ක් වේ. මෙම මිල දී ගැනීමත් සමඟ නව මිල දී ගත් සමාගම වෙත දංකොටුව පෝසිලේන් සමාගමේ මිල දී ගත් කොටස්වලින් පමණක් රුපියල් මිලියන 293ක වාර්ෂික ආදායකම් ලබාගත හැකි බව විගණන වාර්තා අනුව පෙනී යයි. සීලයින් ඉන්වෙස්ට්මන්ට් සමාගම නාවික කටුයුතු ආශ්‍රිත ව්‍යාපාරයන්ගේ නිරතව සිටින අතර අධ්‍යාපනික, සෞඛ්‍ය සහ විනෝදජනක ව්‍යාපාර සඳහා මුදල් ආයෝජනය කර තිබේ.

මෙම, කොටස් විකුණන ලද අම්බන් හෝල්ඩින්ස් සමාගම සංජීව් ගාර්ඩ්නර් සභාපතිත්වය දරණ සමාගමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!