spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව අයර්ලන්තයේ බලාපොරොත්තු අහිමි කරයි

පුවත්

විදෙස්

2023 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ  ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 133ක පහසු ජයග්‍රහණයක් ලබාගත් අතර අයර්ලන්තයට තරඟවලියෙන් ඉවතට විසිවීමට සිදුවිය.

කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායකයා පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 20කට සහ පළමු පන්දුවෙන් ම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දවා ගැනීමත් සමඟ අයර්ලන්ත කණ්ඩායම තරඟයට අවතීර්ණ වුව ද ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ එක් වූ සධීර සමරවික්‍රම අයර්ලන්තයට යළි හිස එසවීමට අවස්ථාවක් ලබාදුන්නේ නැත. ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 168ක සම්බන්ධතාවක් ගොඩනැගූ අතර දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය (103) රැස්කිරීමට සමත් වූයේය.

සධීර සමරවික්‍රම ලකුණු 82, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42යි සහ චරිිත් අසලංක ලකුණු 38යි වශයෙන් ලකුණු ලබාගත් අතර දිමුත්ගේ දැවීයාමෙන් පසු අවසන් කඩුලු 06ම ලකුණු 90ක දී දැවීයාම විශේෂත්වයක් විය. ශ්‍රී ලංකා ඉනිම තවත් පන්දුවක් ඉතිරිව තිබිය දී අවසන් වූයේ ලකුණු 325කට ය.

ලකුණු 326ක ජයග්‍රාහී ඉලක්කයක් ලබාගැනීම සඳහා පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 31ක දී ලකුණු 192කට දැවී ගියහ.

එහි දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කර්ටිස් කැම්පර් පන්දු 31කින් හතරේ පහර 04ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 39ක් ලබාගත් අතර හැරී ටෙක්ටර් ලකුණු 33ක් ද අවසන් කඩුල්ල වෙනුවෙන් පැමිණි ජොස් ලිට්ල් ලකුණු 20ක් ද රැස් කළේය.

නැවතවරක් වැඩිම කඩුළු ලාභියා වූ වනිඳු හසරංග කඩුළු 05ක් දවාගත්තේය. නමුත් ඔහු අයර්ලන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරයට ගොදුරු වූ අතර ඔහුගෙන් ලකුණු 72ක් ම උදුරා ගැනීමට අයර්ලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

මහීෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුළු 02ක් දවාගත් අතර කසුන් රාජිත, ලහිරු කුමාර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්හ.

තරඟයේ වීරයා සම්මානය දිමුත් කරුණාරත්නට හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5ක දී ලකුණු 325

දිමුත් කරුණාරත්න 103

සධීර සමරවික්‍රම 82

ධනංජය ද සිල්වා 42

චරිත් අසලංක 38

පැතුම් නිශ්ශංක 20

මාර්ක් අදායිර් 46/4, බැරී මැකාති 56/3 ගරෙත් ඩෙලනි 52/2

අයර්ලන්ත කණ්ඩායම පන්දවාර 31ක දී ලකුණු 192යි

කර්ටිස් කැම්පර් 39

හැරී ටෙක්ටර් 33

ජෝර්ජ් ඩොක්රෙල් නොදැවී 26

ජොෂ් ලිට්ල් 20

වනිඳු හසරංග 72/5, මහීෂ් තීක්ෂණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!