spot_img
spot_imgspot_img

වසර 75,000කට පෙර නියැන්ඩතාල් ගුහා කැටයම් කරලා. අලුත්ම සොයාගැනීමක්

පුවත්

විදෙස්

නියැන්ඩර්තාල් මානවයන් විසින් අදින් වසර 75,000කට පමණ පෙර ගල්ගුහාවක කරන ලද කැටයම් සමහයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ.

මෙම ගල්ගුහාවේ තිබී හමු වූ ගල් ආයුධ නියැන්ඩර්තාල් මානවයන් විසින් භාවිතා කරන ලද ඒවා බැවින් මෙම කැටයම්වල නිර්මාණකරුවා ද නියැන්ඩර්තාල් විය හැකි බව තහවරු කරගෙන ඇත. එම ගල් ගුහාවේ කොටස් කඩා වැටීම හේතුවෙන් වසර 57,000කට පමණ පෙරාතුව එය අතහැර දමා ඇති බැවින් පසුව ලොව අණසක පැතිරවූ හෝමෝ සේපියන්ස් මානවයන් එහි පැමිණ නැතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

සෙන්ටර්.වැල් ඩි ලොයර් හි ලා රොචේ-කොටාර්ඩ් ගුහාවෙන් මෙම සළකුනු සොයාගෙන ඇත. ටුවර්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම ගුහාවේ ස්ථාන කිහිපයකින් හමු වූ දිගු රේඛා , ඉරි සහ තිත් පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම නිගමනයට එළැඹ තිබේ.

මෙම කැටයම්වල හැඩය, සැකැස්ම සහ පරතරය මත පදනම්ව නියැන්ඩර්තාල් ඇඟිලි මෘදු මතුපිටක් මත තදින් ගෙන යාමෙන්  මේවා හිතාමතා, සංවධානාත්මකව සහ චේතනාන්විතව නිර්මාණ්‍ය කර ඇතැයි පර්යේෂකයන්ගේ නිගමනයයි.

මෙම ස්ථානයෙන් සොයාගත් අවසාදිත අනුව පර්යේෂකයන්ගේ නිගමනය වූයේ වසර 57,000කට පමණ පෙර ගල් ගුහාව ගල් සහ සුන්බුන් පිරීයාම නිසා එය වැසීගොස් අතහැර දමන්නට  ඇති බවයි. ගල්ගුහාවේ දක්නට ඇති මෙම සටහන් සහිත ස්ථර අධ්‍යයනයෙන් තහවරු වී ඇත්තේ එම සටහන් මීට වසර 75,000කට පෙර සිදුකරන්නට ඇති බවයි.

මෙම කැටයම්වලින් කිසියම් වස්තුවක් හෝ සතකු හෝ නිරූපනය කර නැති බැවින් ඒ සටහන් තැබීමේ අරමුණ මෙතෙක් පැහැදිලි නැත. නමුත් ඒවා ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් විවිද කාලවකවානුවලට අදාලව හමුවන මුල්මානවයන් විසින් කර ඇති ලෙන් සටහන්වලට බෙහෙවින් සමානකමක් දක්වයි.

නියැන්ඩර්තාල් මානවයාගේ හැසිරීම සහ ක්‍රියාකාරීත්වය අපගේ හෝමෝ සේපියන්ස් මුල් කාලීන මානවයන්ගේ හැසිරීම හා සමාන ම සංකීර්ණ සහ විවිධ වූ බව මේ සොයාගැනීමත් සමඟ තහවරු වෙයි.

මෙම පර්යේෂකයන් පවසන්නේ  මෙම ලෙන් ගුහාවේ කැණීම් ආරම්භ කර දැනට වසර 15ක් ගත වී ඇති බවයි. එම කාලයේ දී මේ කැටයම් අධ්‍යයනය කර කාල නිර්ණය කර ඇති බවත් ඔවුහු කියයි. ඒ අනුව මෙය ලෝක මානව ඉතිහාසයේ මානවයා  විසින් කැටයමින් අලංකාර කරන ලද පැරණිතම ගුහාව විය හැකි බව ද පර්යේෂක‍යෝ කියති.

මෙම සොයාගැනීමට පෙර නියැන්ඩර්තාල් මානව කැටයම් සොයාගෙන ඇත්තේ ‍ජිබ්‍රෝල්ටාර්හි වසර 39,000කට පෙර සහ වසර 51,000කට පෙර මුවකුගේ අස්ථියක් කැටයම් කර තිබිය දී පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!