spot_img
spot_img

යුද්ධය දරුණු වෙයි ? ඇමෙරිකා ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට

පුවත්

විදෙස්

යුක්රේන ගුවන් ශක්තිය ඉහළ නැංවීම සඳහා ඇමෙරිකාවේ සහය ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් පවසන්නේ ඊයේ (19) ජනාධිපති ජෝ බයිඩ්න් මේ තීරණය ජපානයේ පැවැත්වෙන ජී 07 නායක සමුළුවේ දී ප්‍රකාශ කර ඇති බවයි.

ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන එෆ් 16 වර්ගයේ අති නවීන ප්‍රහාර ජෙට් යානා ඇතුළු ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට ලබාදීමට තීරණය කර ඇති බවත් එම යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්රේන ගුවන් නියමුවන්ට ලබාදීමට ද ඇමෙරිකාව කටයුතු කරන බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් යුක්ක්‍රේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සිය ප්‍රසාදනය පළකර ඇති අතර එමගින් තම ගුවන් යුද ශක්තිය ඉහළ යනු ඇතැයි ද පවසා ඇත. ඔහු මේ තීරණය හඳුන්වා ඇත්තේ “ඓතිහාසික තීරණයක්” යනුවෙනි. කෙසේ වෙත් යුක්රේනය දීර්ඝ කාලයක් තිස්සේ දියුණු ප්‍රහාරක ජෙට් යානා සොයමින් සිටියේය.

“දැන් අපි යුක්රේනයේ ආරක්ෂාව සඳහා අපගේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස යුක්රේන ගුවන් හමුදාව වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා වෙත යොමු වී සිටිනවා. ඉදිරි මාසවලදී පුහුණුව සිදුකරන විට, ගුවන් යානා ලබා දෙන්නේ කවදාද, ඒවා බෙදා හරිනු ලබන්නේ කවුරුන්ද සහ කොපමණ ප්‍රමාණයක් ලබා දෙන්නේද යන්න තීරණය කිරීමට කටයුතු කරනවා.”යැයි සුලිවන් මාධ්‍යයට පවසා ඇත.

සමහර නේටෝ සාමාජික රටවල් යුක්රේනයට ජෙට් යානා භාරදීම රුසියාව සමඟ සෘජු ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇති කරමින් යුද්ධය උත්සන්න කිරීමක් ලෙස සලකනු ඇතැයි කනස්සල්ල පළ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!