spot_img
spot_imgspot_img

කටානේ ඇඟළුම් හළට ආයෝජනය කළ ඕමාන ජාතිකයාගේ හිත වෙනස් වෙයි

පුවත්

විදෙස්

දේශපාලනඥයකුගේ ගෝලයන් බව කියන පිරිසකගේ පහරදීමක් හේතුවෙන් තම ආයෝජන සියල්ල නවතා දමා නැවත සිය රට යෑමට සූදානම් වූ ඕමාන ජාතික ව්‍යාපාරික කල්ෆාන් සෙයිඩ් ඔබේදාන්, සහ එම සමාගමේ කළමනාකරණ නියෝජිත යසීර් ලහීර් යන දෙදෙනා අද (09) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සමඟ සාකච්ඡාවකට නිරතවූහ.

එම සාකච්ඡාව බත්තරමුල්ලේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහි දී කරුණු විමසා බැලීමෙන් අනතුරුව එම ආයෝජකයන්ට පොරොන්දු වූයේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවයි. මේ කරුණු සොයා බලා ආයෝජකයන්ගේ ආරක්ෂාව සඳහා කඩිනම් වැඩපිළිවෙලක් යොදන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා ඔවුන්ට ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ආයෝජකයන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හැර නොයාමට තමන් අද තීරණය කළ බවයි. අමාත්‍ය ටිරාන් අලස් සමඟ පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව පිළිබඳ නැවත විශ්වාසයක් ඇි වූ බවත්, තමන්ගේ සහ තම කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව පිළිබඳ අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් කීවේය.

කටාන ප්‍රදේශයේ ආරම්භ කළ ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තායතනයට දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියාගත් පිරිසක් පැමිණ ඔහුට පහර දී තිබිණි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව හැරයාමටත්, ආයෝජන ඉවත්කිරීමටත් තීරණය කර ඒ සඳහා කටයුතු කරමින් සිටිය දී ඊයේ එහි සේවකයෝ එම සිද්ධියට අදාල දේශපාලකයාට සහ මැර පිරිසට එරෙහිව උද්ඝෝෂණක් ද පැවැත්වූහ.

කෙසේ වෙත් ආයෝජක කල්ෆාන් සෙයිඩ් ඔබේදාන් කියා සිටියේ ශ්‍රී ලංකාව හැර නොයාමට තීරණය කර ඇතත් තමන්ට මුහුණ පෑමට සිදු වූ ගැටලුව හේතුවෙන් තම ව්‍යාපාරය කටාන ප්‍රදේශයේ ම පවත්වාගෙන යනවා ද නැතිනම් වෙනත් ප්‍රදේශයක පවත්වාගෙන යනවා ද සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!