spot_img
spot_imgspot_img

බොරු පැමිණිල්ලෙන්, ජල සම්පාදන ලොක්කා හිරවෙයි

පුවත්

විදෙස්

ධනංජය ජයසුන්දර

මාධ්‍යවේදීන් සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සෙවීමට පොලිසියට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් සිවිල් අධිකරණයක නඩුවක් පවරාගන්නා ලෙසත් ගාල්ල මූලස්ථාන පොලිසිය අද (09) ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රා‍දේශීය කළමණාකරු ප්‍රසාද් නිශාජන ගාල්ලේ පතිරණට දැනුම් දුන්නේය.

ගාල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත මේ බව දැනුම් දෙන ලද්දේ එම කළමණකාරු විසින් rata.lk වෙබ් අඩවියේ සංස්කාරක සජීව විජේවීර විසින් අසත්‍ය තොරතුරු පදනම් කරගනිමින් තමන්ට අපහාස වන ආකාරයෙන් සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කීර්ති නාමයට අපහාසයක් සිදුවන ආකාරයෙන් සටහනක් තබා ඇති බවට කරන ලද පැමිණිල්ලකට එම මාධ්‍යවේදියා පොලිසියට කැඳවූ අවස්ථාවේ දී ය.

එහි දී කළමණාකරු වැඩිදුරටත් කියා සිටියේ තමන්ට අපහාසවන ආකාරයෙන් සටහනක් තැබීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ විට එම පැමිණිල්ල ද විවේචනය කරමින් මාධ්‍යවේදියා පොලිසියත් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් rata.lk වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළකර ඇති බවයි.

එමෙන් ම ගාල්ල ප්‍රදේශයේ ජල සැපයුම් 140,000ක් පමණ තමන් භාරයේ ඇති බවත් එවැනි සේවයක් කරන තමන්ට එරෙහි මඩ ගැසීමෙන් මාධ්‍යවේදියා වරදක් කර ඇති බවත් කළමණාකරු කීවේය. තමන්ට මෙවැනි සිදුවීමකට මුහුණ දීමට වූ පළමු අවස්ථාව බවත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. එමෙන් ම මෙම සටහන තැබූ මාධ්‍යවේදියා රජයේ නිලධාරීන්ගේ වැරදි සොයන අයකුයැයි ද තමන්ට හිතවතුන් කිහිප දෙනකු කී බව ද රජයේ නිලධාරීන්ගේ වැරදි සොයමින් සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන අයකරන්නේ වරදක් බව ද කළමනාකාරවරයා පොලිසියට කීවේය.

මේ අවස්ථාවේ දී මාධ්‍යවේදී සජීව විජේවීර කියා සිටියේ ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් නිවසක ජල සම්බන්ධතාව විසන්ධි කිරීමේ දී නීතියට අනුකූල නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ තමන් 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ පැමිණිලිකරු හමු වී එහි ඇති නීතිමය කරුණු පිළිබඳ තොරතුරු ඉල්ලා සිටි බවයි. විසන්ධිකර තිබූ ජල සම්බන්ධතාව වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් අඩක් ගෙවා නිමකළ විට ජල සම්බන්ධතාව ලබාදීමට ඔහු කලිින් කැමැත්ත පළකර තිබූ බවත් තමන් තොරතුරු ඉල්ලීමෙන් පසු ජල සම්බන්ධතාවව සම්පූර්ණ මුදල් ගෙවා නිමකරන තුරු ලබා නොදෙන්න යැයි උපදෙස් දීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූළිික අයිතිවාසිකම් වගන්ති 12.1 අනුව සමානිතයන්ට සමාන ලෙස සැළකීමේ කරුණ රාජ්‍ය නිලධාරියකු විසින් උල්ලංඝනය කර තිබූ බවත් මාධ්‍යවේදියා ප්‍රකාශ කළේය. එබැවින් ඒ අසාධාරණය පිළිබඳ සටහනක් තැබූ අවස්ථාවේ දී එම සටහනෙන් අපහසායක් සිදුව ඇතැයි කළමණකාරු පොලිසියට පැමිණිලි කර තිබූ නමුත් තමන් සටහන තබා ඇත්තේ facebook  සමූහයක බවත් එහි කළමනාකරුගේ පුද්ගලික සටහන් කර නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එය තර්ජනාත්මක සටහනක් ද නොවන බැවින් පුද්ගල ඡායාරූප ද භාවිතා කර නොමැති බැවින් එවැනි සටහනකට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කිරීමට පවා ප්‍රාදේශීය කළමණාකරුට හැකියාවක් නොමැති බවත් මාධ්‍යවේදී සජීව විජේවීර පෙන්වා දුන්නේය.

එමෙන්ම සජීව විජේවීර වැඩිදුරටත් කියා සිටියේ යම් පුද්ගලයකු පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණිවිට පොලිසිය එම පැමිණිල්ල සටහන් කරගැනීම ගැන තමන් සතුටුවන බවයි. එසේම එම පැමිණිල්ලේ විත්තිකාර පාර්ශවයෙන් විමසිය යුතු බැවින් එයට ගරුකිරීමක් ලෙස තමන් ප්‍රකාශ්‍යක් ලබාදීමට පොලිසියට පැමිණි බව ද නැතිනම් පොලිසියට නීතිය අනුව මෙම පැමිණිල්ල විභාග කිරීමට හෝ හැකියාවක් නැති බව ද ඔහු වැඩිදුරටත් කීවේය.

පොලිසිය ද එම කරුණු පිළිගනිමින් ජල සම්පාදන හා ජලාපවහහන මණ්ඩලයේ කළමණාකරු කියා සිටියේ පොලිසියට මෙම පැමිණිල්ල විභාග කළ නොහැකි බවයි. එබැවින් තමන්ට යම් ගැටලුවක් ඇත්නම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමට කටයුතු කරන ලෙස ද පොලිසිය ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු  ප්‍රසාද් නිශාජන ගාල්ලේ පතිරණට දැනුම් දුන්නේය.

එම අවස්ථාවේ දී ඔහු කියා සිටියේ තමන් පනත අනුව කටයුතු කරන බවයි. එහි දී කළමණාකාරවරයා පනතේ වගන්ති කිහිපයක් ද කියවූයේය.

එහි සඳහන් වන්නේ ජල සම්බන්ධතාවක් විසන්ධි කිරීමේ දී එම සම්බන්ධතාව ලබාගත් තැනැත්තන් නිවසේ නොමැති අවස්ථාවක දී පොලිස් නිලධාරියකු සමඟ පැමිණ යනුවෙනි. එය වැරදීමකින් හෝ කියවූ කළමණකාරු නිලධාරීන්ට නිවැසියන් පහරදෙන අවස්ථාවක දී පොලිසියේ සහය ගන්නා බව කීවේය.

නමුත් සජීව විජේවීර මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ උසාවි නියෝගයක් අනුව දේපළ තහනම් කරපු අවස්ථාවක දී අධිකරණයේ පිස්කල්වරයා පවා නිවසකට පැමිණ දේපළ තහනම් කරන්නේ ප‍ොලිස් නිලධාරියකුගේ සහය ඇතිව බවයි. නිවැසියන් නොමැති අවස්ථාවක දී මාර්ගයේ  සිට නිවස දෙසට එන ජල සම්බන්ධතාව විසන්ධි කිරීමට පනතෙන් නිලධාරීන්ට බලය දී තිබිය දී නීති විරෝධී ලෙස නිලධාරීන් ඇතුළු වී තිබීම සම්බන්ධයෙන් තමන් සටහනක් තැබූ බවත් ඒ සම්බන්ධයෙන් මෙම නිලධාරීන් වරින් වර කරන ලද ප්‍රකාශ සියල්ලේ ශබ්ද පටිගත කිරීම් තමන් සතුව ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

එබැවින් තමන්ට ගැටලුවක් ඇත්නම් අධිකරණයට යන ලෙසත් අධිකරණයේ දී එම සියලු සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බවත් මාධ්‍යවේදියා කීවේය.

එමෙන්ම ඔහු ඉල්ලා සිටියේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු ප්‍රසාද් නිශාජන ගාල්ලේ පතිරණට  නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බැවින් අසත්‍ය පැමිණිලි කිරීමෙන් සිදුකරන ලද වරද සම්බන්ධයෙන් ඔහු අධිිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. එම ඉල්ලීම කරමින් මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

1 COMMENT

  1. අසාධාරණයට එරෙහිව ඔබ කරන සේවය ප්‍රසංශනීයයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!