spot_img
spot_imgspot_img

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් එරට ආරක්ෂක අංශ විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු අගමැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉස්ලාමාබාද් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට පැමිණි අවස්ථාවක දී ය.

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසන්නේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ ඔහු ප්‍රචණ්ඩකාරී ලෙස එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය බවයි. එමෙන් ම ඔහු රැගෙන ගොස් ඇති ස්ථානය මෙතෙක් අනාවරණය කර නැතැයි ද ඔවුන් චෝදනා කරයි.

නඩු විභාගය ආරම්භවීමට පෙර හිටපු අගමැතිවරයා අත්අඩංගුවට ගැනීම වරදක් බව ද එම පක්ෂයේ ක්‍රියාකාරිකයෝ කියති.

විදේශීය රාජ්‍ය නායකයන්ගෙන් අගමැතිවරයාට ලැබෙන ත්‍යාග ටොක්ශානා භාණ්ඩාගරයේ තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එම ත්‍යාගවලට සමාන මුදලක් භාණ්ඩාගාරය වෙත අගමැතිවරයා විසින් ගෙවිය යුතුය. ඉම්රාන් ඛාන් අගමැතිධූරය දරන කාලයේ දී විදේශීය රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි එලෙස ටොක්ශානා භාණ්ඩාගාරයේ තැන්පත් කර නැතැයි එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අද නඩුවිභාගය පැවැත්වීමට නියමිතව තිබිණි.

අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුවක් ඉදිරිපත් කරන ඕනෑම අවස්ථාවක තමන් නිහඬව අත් අඩංගුවට පත් වීමට සුදානම් බවත් තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් බල ඇණියක් අවශ්‍ය නොවන බවත් ඉස්ලාමාබාද් අධිකරණයට පැමිණීමට ප්‍රථම ඉම්රාන් ඛාන් වීඩියෝ පණිවිඩයක් පටිගත කරමින් පවසා තිබිණි.

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර විරෝධතා දක්වන්නන් සියලු දෙනා අත් අඩංගුවට ගන්නා බව ඉස්ලාමාබාද් පොලිස් කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

ඉම්රාන් ඛාන්ව දූෂණ විරෝධී විනිශ්චය සභාවක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහුව අත් අඩංගුවට ගනු ලැබුවේ ඇප ලබා නොගත් වරෙන්තුවක් තිබීම නිසා බවත් එරට ආරක්ෂක අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!