spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 10,667ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 740ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 33ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,091ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 87
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 80
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 44

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 04
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 02
  • ඇලුමැක්ස් සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඒසියා ඇසෙස් සමාගම 13%
  • මුලර්ස් සමාගම 09%
  • ක්‍රිස්වර්ල්ඩ් සමාගම 06%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 309
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 114ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 43ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 71ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම  රුපියල් මිලියන 73
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 16
  • පිරමල් ග්ලාස් සමාගම රුපියල් මිලියන 04

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එයිට්කන්ස්ට් ස්පෙන්ස් හොටෙල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 24
  • වැලිබල් ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 13
  • රයිගම සමාගම රුපියල් මිලියන 02

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles