spot_img
spot_imgspot_img

කොරියානු රැකියා අපේක්ෂකයන්ට සුබ පණිවිඩයක්

පුවත්

විදෙස්

කොරියාවේ රැකියා සඳහා දැනට ලබා දී ඇති කෝටාව ඉක්මවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට එකඟ වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂවරයා සමඟ අද (26) උදේ කොළඹ දී පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවට එළැඹ ඇත.

විදේශ රැකියා අමාත්‍යාංශය පවසන්නේ කොරියානු රැකියා සඳහා 6,500ක රැකියා කෝටාවක් ශ්‍රී ලංකාවට 2023 වර්ෂයේ ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් ෙශ්‍රමිකයන් 8000ක් දක්වා බඳවා ගැනීමට එහිදී එකඟ වී ඇති බවයි.

මේ අනුව කොරියානු භාෂා ප්‍රවීණතාව සමත්ව දැනට රැකියා අවස්ථා අපේක්ෂාවෙන් පරිගණක දත්ත පද්ධතියේ නම සඳහන්ව ඇත නමුත් 2023 දෙසැම්බර් මාසයේ දී කල් ඉකුත්වීමට නියමිත නිෂ්පාදිත අංශයේ රැකියා අපේක්ෂකයන් 600 දෙනකු නාවික ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට ද එහි දී සාකච්ඡා කර තිබේ. දැනට කර්මාන්ත අංශයේ රැකියාවන් අපේක්ෂාවෙන් සිටින 600 දෙනකුට නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සඳහා මාරුවීමෙන් එම අවස්ථාව ලබාගත හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එසේ නැව් ඉදිකරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාරුවීමට කැමති රැකියා අපේක්ෂකයින් ඉක්මනින් ඒ සඳහා අයදුම් කළ යුතු බවද එම අමාත්‍යාංශය පවසයි. ලබන වසරේ සිට ඊ 9 වීසා කාණ්ඩය යටතේ නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා විභාග පවත්වා වෑද්දුම්කරුවන් සහ පින්තාරුකරුවන් 900ක් බඳවා ගැනීමට ද කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව අමාත්‍ය මනුෂ නානායක්කාර සමඟ එකඟ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!