පළාත් පාලන මැතිවරණය නැවත වතාවක් කල් දැමීමට සිදුව ඇතැයි මැතිවරණ කොමිෂන් සබාව අද නිවේදනය කළේය.
2023 අප්‍රේල් මස 25 වැනි දින මැතිවරණය පැවැත්වීමට දින නියම කර තිබිණි. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඡන්ද විසීම නියමිත පරිදි සිදුකිරීම සඳහා විවිධ බාධා මධ්‍යයේ කටයුතු කළත් අවශ්‍ය මූදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මෙලෙස මැතිවරණය කල් දැමීමට සිදුව ඇති බවයි.
මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලැබෙන දිනයක් තහවුරු වුවහොත් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට ඇති නඩු කටයුතු අනුව අධිකරණය විසින් තීරණය කරන දිනයක් හෝ යන දෙකෙන් ප්‍රථමයෙන් එළැඹෙන දිනයේ මැතිවරණයක මැතිවරණය පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇති බවිය. මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව එම දිනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ඇත.
මැතවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කඩිනමින් පැවැත්වීමම සඳහා ගත් සියලු ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියටත් ගනු ලබන බවයි.