6.8 C
New York

ඉංජිනේරුවරයෙක්, අබිරහස් ලෙස මිය ගිහින්

Published:

පොල්ගස්ඕවිට, ජයලියගම, සියඹලාගොඩ පදිචිව සිටි ඉංජිනේරුවරයකු නිවස තුළම අභිරහස් ලෙස මිය‍ගොස් සිටිය දී අද (11) දහවල් සොයාගත් බව පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ පී.ඒ.පුෂ්පකුමාර නිශ්ශංක නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිවසේ තනිවම සිටි බවත් ඔහුගේ බිරිඳ මඩකලපුව රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවයකරමින් සිටි බවත් පොලිසිය පවසයි.

ඉංජිනේරුවරයාගේ නිවස දෙසින් කිසිදු ශබ්දයක් නොමැතිවීම හේතුවෙන් යාබද නිවසේ පදිංචි අයකු තවත් පුද්ගලයකු සමඟ එක්ව එම නිවසට ගොස් පරීක්ෂාකර බලා තිබේ. කිසිදු ශබ්දයක් නොමැතිවීම හේතුනේ එක් අයකු නිවසේ ජනේලයකින් ඇතුළු වූ විට දැක ඇත්තේ ඉංජිනේරුවරයා අධික රුධිර වහනයක් ද සමඟ සාලයේ වැටී සිටින ආකාරයයි. අසල්වාසීන් විසින් මේ බව පොලිසියට දැනුම්දීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ ආරම්භ වී ඇත.

Related articles

Recent articles

spot_img