කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (31) දිනයේ ගනුදෙනු 12,907ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,268ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 72ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,301 ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 2,525
- එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 268
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 251
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 315
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටම් මිලියන 10
- එන්ඩීබී බැංකුව කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඩීබී සමාගම (X) 22%
- සිංගර් ඉන්ඩස්ට්‍රියල් සමාගම 13%
- පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගම 13%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 315ක් රුපියල් 8.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 1.9ක් රුපියල් 140.00 බැගින්
- යුනියන් බැංකුව කොටස් මිලියන 3.3ක් රුපියල් 9.10 බැගින්
- එන්ඩීබී බැංකුව කොටස් මිලියන 5.5ක් රුපියල් 43.00 බැගින්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 55.00 බැගින්
- සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 72.00 බැගින්
- එල්බී ෆිනෑන්ස් සමාගම කොටස් ලක්ෂ 04ක් රුපියල් 55.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 263
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 66 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 2,600ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 2534ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 9.3
- ටෙක්ස්චර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 8.2
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 2,520
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 26
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ