spot_img
spot_imgspot_img

අවුරුදු 50කට පසු ලොලීටා ගෙදර යයි

පුවත්

විදෙස්

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමී සික්වේරියම් මින්මැදුරේ වසර 50කට අධික කාලයක් නරඹන්නන් කුල්මත් කළ ලොලිටා තල්මසා නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

සත්ත්ව සුභසාධන ක්‍රියාකාරීන් විසින් වසර ගනනාවක් තිස්සේ සිදුකරන ලද දැඩි බලපෑම් හේතුවෙන් මෙම පියවර ගැනීමට ඔවුන්ට සිදුව තිබේ.

බ්‍රහස්පතින්දා, මින්මැදුර නිවේදනය කළේ ඉදිරි වසර දෙක තුළ ලොලීටා නැවත ඇගේ ස්වාභාවික වාසභූමියට ගෙනයාමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

මේ වනවිට වයස අවුරුදු 56ක් පමණ වන ලොලීටා අල්ලා ගෙන ඇත්තේ 1970 වර්ෂයේ දී ය. එතැන් සිට වසර 50කට වැඩි කාලයකදී ඇය සීක්වාරියම් හි අඩි 80 ත් 35 (මීටර් 26 ත් 11 ත්) ටැංකියක ජීවත් වූ අතර, විචාරකයින් පවසන්නේ දළ වශයෙන් අඩි 20 (මීටර් 6) ක් පමණ දිග සතෙකුට එය ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් බවයි.

කෙසේ නමුත් ක්ෂේත්‍ර ප්‍රවීණයන් අනතුරු අඟවන්නේ ලොලිටා නැවත ස්ථානගත කිරීමට ප්‍රධාන බාධක කිහිපයක් ඇති බවයි. ලොලිටාගේ වයස සහ ඇය දශක ගණනාවක් සිය වාසස්ථානයෙන් වෙන්ව ජීවත් වීම සහ ඇයට තනිවම ආහාර සොයා ගැනීමට නොහැකි වීම නිසා ඇය නැවත මුහුදට මුදා හැරීම සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකි බව ඔවුහු පවසති.

ඔර්කා ලෙසින් ද හඳුන්වන මෙම මිනීමරු තල්මසුන් උතුරු පැසිපික් සාගරයේ පමණක් ජීවත්වන අතර වසරේ මාස කිහිපයක් Washington State හි Puget Sound හි ගත කරයි. වසර 2005 දී මෙම විශේෂ ඔර්කා ගහනය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස සලකනු ලැබීය.

https://www.bbc.com/news/world-us-canada-65144062

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!