5.2 C
New York

“වැඩිපුර ගෙවනවා, දරුවන් වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර බලන්න” විභාග කොමසාරිස් ඉල්ලයි

Published:

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් වැළකී වැඩිපුර දීමනා ඉල්ලා සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එම දීමනා ලබාදීමට තීරණය කළ බව විභාගකොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ඒ අනුව දරුවන් ගැන සිතා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරන ලෙස ඔහු විශ්වවිදයාල ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

විද්‍යා නොවන විෂයයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීමේ නිතරවන ප්‍රධාන පරීක්ෂකවරයකුට මෙතෙක් ගෙවූ දීමනා සහ ගාස්තු රුපියල් 62,050.00ක මුදල මෙවර රුපියල් 101,600.00ක් දක්වා වැඩිකර ඇත.

අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයකුට මෙතෙක් ගෙවූ රුපියල් 52,250.00ක් වූ මුදල රුපියල් 90,270.00ක් දක්වා වැඩි කර තිබේ. මීට අමතරව සහකාර පරීක්ෂකවරුන්ගේ දීමනාව රුපියල් 36,725.00 සිට රුපියල් 60,475.00ක් දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

උසස් පෙළ විභාග ඇගයීම් කටයුතු අඩාලවීම හේතුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් යෑමේ අවදානමක් හටගෙන තිබිණි.

Related articles

Recent articles

spot_img