ගාල්ල කොටුවේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී එහි සභාපති අමාත්‍ය නලින් හේවගේ කීවේය.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය නලින් හේවගේ සහ දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිශ්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ මෙම රැස්වීම පැවැත්විණි.
කොටුවේ ඇති සියලු රජයේ කාර්යාල එම කොටුවෙන් ඉවත්කර ගාල්ල කොටුව සංචාරකයන්ගේ ආකර්ශනය සඳහා සුදුසු ආයෝජන වෙනුවෙන් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ මෙම තීරණය ගනු ලබන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ගාල්ල නගරයේ විශාල නාවික කඳවුරක් පිහිටා තිබීම, මූලස්ථාන පොලිසියක් පිහිටා තිබීම යන කරුණු හේතුවෙන් හමුදා කඳවුරක් ගාල්ල කොටුවට අනවශ්‍ය බවත් එය හමුදා මුරපොළක් දක්වා කුඩා කර කඳවුර ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇති බැවින් කොටුවේ ආයෝජන සැළැස්ම ක්‍රියාත්ක කළ හැකි බව ද හෙතෙම කීවේය.
ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඉල්ලීමක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට යොමමුකළ යුතුයැයි ද අමාත්‍ය නලින් හේවගේ කීවේය.