spot_img
spot_imgspot_img

කාන්තාවක් පටලවාගෙන, වෑන් රථයක් කිලෝ මීටරයක් දුර ගිහින්

පුවත්

විදෙස්

අනතුරක දී කාන්තාවක් වෑන් රථයක පැටලී සිටිය දී ඒ බව නොතකා කිලෝ මීටරයක දුරක් වෑන් රථය ධාවනය වීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 41 හැවිරිදි කාන්තාවකි.

දිවුලපිටිය, මීගමුව ප්‍රධාන මාර්ගයේ මරදගහමුල 12 කණුව ප්‍රදේශයේ දී මෛම අනතුර සිදුව ඇත.

එම කාන්තාව යතුරුපැදියක පිටුපස අසුනේ ගමන්කර ඇති අතර දිවුලපිටිය සිට මීගමුව දෙසට එය ධාවන වෙද්දී අතුරු පාරකින් ආ වාහනයකට ඉඩ දීමේ දී පිටුපසින් ආ වෑන් රථය යතුරුපැදියේ සහ අනෙක් වාහනයේ ගැටී ඇත. නමුත් වෑන් රථය නොනවත්වා ධාවනය කර තිබේ. යතුරුපැදියේ පැමිනි අදාදල කාන්තාව මේ වෑන් රථයේ පැටලී මාර්ගය දිගේ ඇදී යනු දුටු අවට සිටි පිරිස් කෑ කෝ ගසමින් හෝන් ශබ්ද කරමින් යතුරුපැදි සහ වෙනත් වාහන වලින් එම වෑන් රථය පසුපස පන්නා ගිය ද එය නොනවත්වාම ධාවනය කර ඇත. කිලෝ මීටරයකට ආසන්න දුරක් වෑන් රථය ධාවන කරද්දී මාර්ගයේ ගිය ලොරියක්  හරස් කර වෑන් රථය නතරකරගෙන ඇති බව පොලිසිය කියයි.

ඒ වනවිට ඉතාත් බරපතල තත්වයේ පසු වූ කාන්තාව කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් වෑන් රථයේ රියදුරාට පහරදීම හේතුවෙන් ඔහු ද රෝහල්ගත කර ඇත. පොලිසිය පවසන්නේඑම රියදුරා මීරිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයකු බවයි. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු අධික ලෙස බීමත්ව සිටි බව ද අනාවරණය වී තිබේ.

පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු අධිිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!