මෙතෙක් මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාවලින් කොටසක් මැතිවරණ කොමිසමට භාර දී ඇති බවත්, තවත් කොටසක් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කර ඇති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ පවසයි.
මේ වනවිට පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15කට වැඩි මුදලක් දැනටමත් වැය කර තිබූ බව ද ඇය කීවාය. මැතිවරණ කොමිසමට භාර දී ඇති ලියවිලිිවල වටිනාකම රුපියල් කෝටි 07 කට වැඩි බව ද ඇය පවසයි.
මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය තාවකාලිකව නතර කර ඇත.