හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමට මහේන් වීරමන් ප්‍රමුඛ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) නියෝග කළේය.
2015 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැති කාලයේ දී සතොස ආයතනය මගින් කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිල දී ගෙන ක්‍රීඩා සංගම් වෙත බෙදාහැරීමෙන් රජයට රුපියල් ලක්ෂ 530ක පාඩුවක් සිදුකරන ලදැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටිය දී මෙම නඩුව විභාග කිරීම ආරම්භ වූ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ දී නඩුව විභාග කර අවසන් කර තිබිණි. ඉන් පසු තීන්දුව ප්‍රකාශ කිරීමට අද (29) දිනය ලබා දී තිබිණි.
මෙම මිලදී ගැනීම සිදුවන කාලයේ දී මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර නලි්න ප්‍රනාන්දු සතොස ආයතනයේ සභාපති සහ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබිණි.
හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කෙරිණි.
අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ මෙම විත්තිකරුවන් තම ධූරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බවයි.