spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ වැඩ ගැන ජනතාව අතෘප්තියෙන්. දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළිවෙයි

පුවත්

විදෙස්

වත්මන් ආණ්ඩුව රටේ වැඩකටයුත් සිදුකරමින් තිබෙන ආකාරය පිළිබඳ ජනතාවගේ කැමැත්ත වේගයෙන් පහළ බසිමින් පවතින බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් “රට හිතන හැටි” මැයෙන් කරන ලද දීප ව්‍යාප්ත සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

2023 පෙබරවාරි මාසයේ ප්‍රකාශයට පත්කර ඇති එම ප්‍රතිඵල අනුව පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව රටේ වැඩකටයුතු සිදුවෙන ආකාරය පිළිබඳ ජනතාවගේ තෘප්තිය 7% සිට 4%ක් දක්වා පහත වැටී ඇත. එසේ වුව ද වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය පසුගිය ඔක්තෝබර් මාසයේ තිබූ ආකාරයෙන් ම නොවෙනස් ව තිබේ. ඒ අනුව මේ රටේ වැඩිහිටි ජනගහණයෙන් 10%ක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය අනුමත කර තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වාදෙන්නේ ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතය 10%ක් යනු ඉතාමත් පශල අගයක් බවයි. කෙසේ‍ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිටිය දී 2022 ජුනි මාසයේ මෙ සමීක්ෂණයෙන් ලැබුණු ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ වැඩ කරන ආකාරය පිළිබඳ ජනතා අනුමැතිය 3%ක් විය. රටේ වැඩකටයුතු සිදුවෙමින් පවතින ආකාරය පිළිබඳ තෘප්තිය 2%ක් විය.

 මෙම ජනමත විමසුමෙන් ජනතාවට රටේ ආර්ථිකය ගැන පවතින විශ්වාසය ද, ඇගයුමට ලක්කර තිබෙණ අතර,, පෙබරවාරි මාසය සඳහා එම අගය ලැබී තිබෙන්නේ සෘණ 78.4ක් (-78.4) ලෙසය (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා ඇත.

මෙම ඇගයුම සිදුකිරීමට බහුවරණ ප‍්‍රශ්න භාවිතා කර තිබෙන අතර, එම ප‍්‍රශ්නවලට ලැබී තිබෙන ප‍්‍රතිචාරයන් සෘණ 100 (-100) සිට ධන 100 (+100) දක්වා පරාසයක තබා ඇගයුමට ලක් කිරීමෙන් මෙම අගය ලබාගෙන ඇත. 0ට වඩා වැඩි අගයක් මෙම ඇගයුමට ලැබීම යනු, ජනතාව වැඩි වැඩියෙන් ආර්ථිකය ගැන සෘණාත්මක ලෙස නොව ධනාත්මක අදහසකින් සිටින බව වේ.

ආර්ථිකය යහපත් හෝ විශිෂ්ට මට්ටමක නොව දුර්වල මට්ටමක පවතින බව සහ ආර්ථිකය යහපත් අතට නොව තව තවත් අයහපත් අතට හැරෙන බව සියලුමදෙනා සිතන්නේ නම්, ලැබෙන අගය සෘණ 100ක් (-100) වේ.

රට හිතන හැටි දීපව්‍යාප්ත ජනමත විමසුමට  2023 පෙබරවාරි මාසය වන ලැබී තිබෙණ ප්‍රතිචාර අනුව රටේ ජනතාවගෙන් 0.3% ක් ආර්ථිකය විශිෂ්ට මට්ටමක පවතින්නේය යන අදහසින් සිටින අතර, 6.0%ක ප්‍රතිශතයක් සිටින්නේ ආර්ථිකය යහපත් මට්ටමක පවතින්නේය යන අදහසින්ය. ඒ අතරවාරයේම තවත් 6.3%ක ප්‍රතිශතයක ජනතාව සිටින්නේ ආර්ථිකය යහපත් අතට හැරමෙින් පවතින්නේය යන අදහසින්ය. මෙම සියලු අගයන් එක්ව ගත්විට ආර්ථිකය ගැන තිබෙණ විශ්වාසයට ලැබෙන්නේ සෘණ 78.4ක (-78.4) අගයකි (-78ක් ලෙස ආසන්න අගයට වටයා දක්වා තිබේ). මෙම අගය 2022 ඔක්තෝබර් මාසයේදී (-) 78 ක් සහ 2022 ජුනි මාසයේදී (-) 96 ක් විය.

Mood of the Nation මැයෙන් ඇමරිකාවේ ගැලප් (Gallup) ආයතනය, එරට ජනමතය විමසුමට ලක් කිරීම සඳහා භාවිතයට ගන්නා ප‍්‍රශ්න සහ ගණනය කිරීම් ශ්‍රී ලංකාවට ගැලපෙන අයුරින් සකසා මෙම සමීක්ෂණය සිදුකර ඇත. රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන නියැදියක් හරහා, රටක සමස්ත ජනමතය විමසුමට ලක්කිරීමට හැකිවීම මෙම ක‍්‍රමයේ විශේෂත්වයයි. වෙරිටේ රිසර්ච් මේ සඳහා භාවිතා කර තිබෙන්නේ මෙම කරුණ තෘප්ත කරන පුද්ගලයින් 1000ක නියැදියකි. දත්ත එකතු කිරීමට සහාය ලබා දී තිබෙන්නේ වෑන්ගාර්ඞ් සර්වේ (පෞද්ගලික) ආයතනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!