spot_img
spot_imgspot_img

මුද්‍රණය කළ ඡන්ද ‍ ලේඛනවලට සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

මෙතෙක් මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකාවලින් කොටසක් මැතිවරණ කොමිසමට භාර දී ඇති බවත්, තවත් කොටසක් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කර ඇති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ පවසයි.

මේ වනවිට පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් රුපියල් කෝටි 15කට වැඩි මුදලක් දැනටමත් වැය කර තිබූ බව ද ඇය කීවාය. මැතිවරණ කොමිසමට භාර දී ඇති ලියවිලිිවල වටිනාකම රුපියල් කෝටි 07 කට වැඩි බව ද ඇය පවසයි.

මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට  මහා භාණ්ඩාගාරය  ප්‍රකාශ කිරීම සමග මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු  ලියකියවිලි මුද්‍රණය  තාවකාලිකව නතර කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!