කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (01) දිනයේ ගනුදෙනු 14,494ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,541ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 84ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,950ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 239
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 175
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 164
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 07
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 06
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කලම්බු සිටි සමාගම 25%
- ඒසියා ඇසෙස්ට් සමාගම 15%
- එස්එන්බී ලීසිං සමාගම 12.5%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 378
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 250ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 245ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 206
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 30
- ටෙක්සචර්ස් ජර්සි සමාගම රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 01
- බොගවන්තලාව වැවිලි සමාගම 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ