spot_img
spot_imgspot_img

වසර 108කට පෙර සිදු වූ මහා දුම්රිය ඛේදවාචකය (අද වැනි දවසක් – ජනවාරි 22)

පුවත්

විදෙස්

1915 ජනවාරි 22 වැනි දා මෙක්සිකෝවේ Guadalajara දුම්රිය අනතුරින් 600කට වැඩි පිරිසක් මියගියේ අද වැනි දිනක දී ය.

මේ වනවිට මෙක්සිකෝවේ විප්ලවය තීව්‍ර වී තිබිණි. 1914 දී විප්ලවයට නායකත්වය දුන් වෙනුස්ටියානෝ කරන්සා සහ පැන්චෝ විලා විසින් ජනාධිපතිවරයා නෙරපා දමා රටේ බලය අල්ලා ගැණිනි. කරන්සා ජනාධිපති ධූරයට පත්විය. 1915 ජනවාරි 18 වැනි දින කරන්සාගේ හමුදා නිරිතදිග මෙක්සිකෝවේ ග්වාඩලජාරා අල්ලා ගැනීමට සමත්විය. මේ ජයග්‍රහණයත් සමඟ ඔහු වහාම තම හමුදාවේ පවුල් පැසිෆික් වෙරළ තීරයේ කොලිමා සිට අලුතෙන් අල්ලාගත් ප්‍රදේශයට දුම්රියෙන් ගෙන යන ලෙස නියෝග කළේය.

1915 ජනවාරි 22 වැනිදා මැදිරි 20කින් යුතු විශේෂ දුම්රියක් කෝලිමා නගරයෙන් පිටත් විය. එය පිරී ඉතිරී ගොස් තිබූ අතර, මිනිස්සු වහලයේ සහ මැදිරි යට පවා එල්ලී සිටියහ. කොලිමා සහ ග්වාඩලජාරා අතර තිබූ දිගු බෑවුමක දී දුම්රිය රියදුරාට මේ දුම්රියේ පාලනය අහිමිවිය. දුම්රිය වේගයෙන් ගමන් කිරීමට විය. වංගු සහිත බෑවුම නිසා දුම්රියේ සිටි බොහෝ දෙනකු ඉවතට විසිවී ගියහ. අවසානයේ සමස්ත දුම්රිය ම පීලි පැන දැවැන්ත ප්‍රපාතයට ඇඳ වැටිණි. දුම්රියේ සිටි පිරිස 900ක් වට ගණන් කර තිබූ අතර මියගිය අය 600කට වැඩි වියි. දිවි බේරාගත්තේ 300ට අඩු පිරිසකි.

සටන ජයග්‍රහණය කළ හමුදා භටයන්, තම පවුල්වල අයට හදිසියේ මෙලෙස මියයාමට සිදුවූ ඛේදවාචකය ගැන අසා කම්පනයට පත්විය. විශාල පිරිසක් සියදිවි නසාගෙන තිබිණි.  

ඛේදවාචකය උතුරු ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම භයානක මාරාන්තික දුම්රිය අනතුර ලෙස අදටත් පිළිගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!