spot_img
spot_imgspot_img

නවසීලන්ත අගමැතිනිය, “ලංකාවේ උපන්නා නම්” සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

නීතිඥ ස්වර්ණමාලී අනුරාධනායක විසිනි

ලොව ඉතාමත් ලාබාල රාජ්‍ය නායිකාව වූ ඇය සමස්ත ලෝකයේ ම අවදානය දිනාගත්තාය.

ඉතාමත් අර්බුදකාරී වාතාවරණයන් කිහිපයක් මනාව කළමනාකරණය කරගනිමින් රාජ්‍ය පාලනය ගෙන යාම නිසා ම ඇය බොහෝ රටවල ජනතාවට ආදර්ශයක් විය.

ශ්‍රී ලංකාවේ ජනතාව අති බහුතරයක් ද ඇය වැනි නායිකාක හෝ නායකයකු අපට සිටීනම් කොතරම් අගෙන් දැයි සිතන්නට ඇත. සිතන්නට පමණක් නොව ඒ බව ප්‍රසිිද්ධියේ ම කීමට අපේ බොහෝ දෙනකු කටයුතු කරන ලද්දේ නොපැකිලිවය.

මේ ‍අන් කවකුවත්  නොව නවසීලන්ත අගමැතිනිය “ජසින්ඩා ආර්ඩන්” ය.

ඈ නවසීලන්ත දේශපාලනයේ පමණක් නොව ලෝක දේශපාලනයේ ම සුවිශේෂී චරිතයකි.

නමුත්,

ඇයට, ඇයගේ දේශපාලන භූමිකාවට, ඇය නවසීලන්ත අගමැතිනිය වූ නිසා ම ආශිර්වාද කළ, ඇය වැනි අයකු රටට ප්‍රාර්ථනා කළ ශ්‍රී ලාංකිකයේ

මේ කාන්තාව ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මේ රටේ ජනාධිපතිනිය, අගමැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරියක නොව නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවක සභිකයකු හෝ බවට පත්කරනු ඇත් ද ?

පැහැදිලි නිරවුල් පිළිතුරක් තිබේ.

“නැත” ඇය ශ්‍රී ලංකාවේ උපන්නේ නම් කිසිදා දේශපාලන නායකත්වයකට පත් නොවනු ඇත.

ඒ රටේ (නවසීලන්තයේ) මිනිස්සුන්ට වැදගත් වන්නේ අපිට (ශ්‍රී ලංකාවේ සිටින අපට) වැදගත් කාරනා නොවේ.

ඔවුන් දියුණු මිනිසුන් වි ඇත්තේ අයිතිවාසිකම් ගරු කරන මිනිසුන් වී ඇත්තේ ඒ හේතුවෙනි.

“නේවි ඔයා මේ අවුරුද්දේ ඉස්කොලේ යන්න පටන් ගන්නකොට අම්මා ඔයත් එක්ක එහේ යන්න එනවා. ඔයා ගෙදර එනකම් මම බලන් ඉන්නවා. ක්ලාක් අපි මේ අවුරුද්දේ අවසානයේ දි විවාහ වෙමු”

ඈ එසේ කී‍වේ, තමන් අගමැති ධූරයෙන්  ඉල්ලා අස්වන බව රටේ ජනතාවට කියන ප්‍රසිද්ධ කතාවක දී ය. අපේ භාෂාවෙන් කියන්නේ නම් ජාතිය අමතන අවස්ථාවේ දී ය.

ඈ රාජ්‍ය පාලනයේ සුව්ශේශි කාර්‍ය බාරයක් ඉටු කලාය.

ඇගේ අවිවාහක මාතෲත්වය ඒ රටේ ජනතාවට ප්‍රශ්නයක් වුයේ නැත

අපේ භාෂාවෙන් කියන්නේ නම් කසාද නොබැඳ ළමයකු සිටින ගැහැනියක් වීම නවසීලන්තයේ දියුණු මනසක් ඇති මිනිසුන්ට ප්‍රශ්නයක් වූයේ නැත.

ඇගේ පෙම්වතා සමග ගෙවු ජිවිතය ඔවුන් ප්‍රශ්නයක් කරගෙන නැත.

නමුත් එවැන්නක් සිංහල බෞද්ධ මහා සංස්කෘතියක් තුළ සංවර කළ අපේ රටේ බහුතරයකට, දෙමළ හින්දු සංස්කෘතියක් තුළ සංවර කළ මිනිසුන්ට, දෙවියන්ගේ කැමැත්ත ගැන විශ්වාසය තබන කතෝලිකයන්ට, ක්‍රිස්තියානි ලබ්ධිකයන්ට පමණක් නොව ඉස්ලාම් ආගමිකයන්ට ද අපේ රටේ දී නම් අදහාගන්නටත් බැරි කාරනයක් නේද?

නවසිලන්තය අපට වඩා වෙනස්‍.

මා මේ කියන්නේ අවිවාහක මවුවරුන් විය යුතු බව නොවේ.

ඒත් ලන්කාවේ මෙවන් මවුවරුන් සිටිති.

නවසීලන්ත අගමැතිනියගේ දරුවාට පියා වූ ක්ලාක් දරුවා ලැබෙන බව දැන ඇය හැරගියේ නැත.

ප්‍රේමයෙන් බැඳී එකට ජීවත් වූවාය. දරුවාට තාත්තාගේ සෙනෙහස පිරිනැමුවාය.

ඥාතීන් ඔහු අල්ලා ගස් බැන්දේ නැත.

නමුත් අපේ රටේ නම්, සිදුවන්නේ එවැනි දෙයක් නොවේ.

එමෙන්ම අවිවාහක දරුවන් සිටින කාන්තාවන් මුහුණ දෙන ඛේදවාචකයන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු.

එවැනි කාන්තාවකට මේ රටේ අගමැතිනිය නොව ප්‍රාදේශීය සභබාවක නියෝජිතවරයික් වීමට නොහැකිය.

ඉතින් අපි දියුණු මිනිසුන් ද ?

අපට රටක් ලෙස දියුණු විය හැකි ද ?

උපන් හැටියේ මරා  දමන දරුවන්, පාරවල්වල දමා යන දරුවන්, පියකු නැතිව උපදින දරුවන් දෙස ආදරණීය බැල්මක්වත් ‍නොහෙළන බව අපි හොඳින් ම දනිමු.

ළමා නිවාසයකට ගිය විට දක්නට ලැබෙන්නේ එවැනි දැරුවන්ගේ ඛේදවාචකයයි.

අපි ලෝකෙන් උතුම් ජාතියයි ලු.

ඒත් බෞද්ධ බහුතරයක් සිටින රට, ආදරය දයාව කරුණාව තිබුණා නම්

මෙවන් කාන්තාවන් ශ්‍රී ලංකාවෙත් සිටිය යුතු නොවේ ද ?

අවිවාහකව දරුවකු බිහිකළ මවකට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි විය යුතු නොවේ ද ?

නමුත් එවැනි අවස්ථාවක් අප රටේ නැත.

ඒත් අවිවාහක දරුවෙක් ඉන්න ඇය ජාතිය අමතමින් මේ

වසරේ අපි විවාහ වෙමුලු

ඔවු ඔවු අපේ සන්ස්කෘතිය හරි අබිමානවත් .හැබැයි ගෲහස්ත ප්‍රචන්ඩත්වය හින්සනය දික්කසාද ස්ත්‍රි දූෂණ, ළමා අපචාර ඒවත් සංස්කෘතිය අස්සේ උපරිමයි.

මට මෙහෙම ලියන්න හිතුනේ ගිය සතියේ මා හමුවීමට ආ අවිවාහක මවක් ඇගේ දරුවා හදාගන්න වෙනත් අයකුට දුන්නා.

ඇගේ මව එක්ක ඈ ආවේ.

ඒ දියණියට මා එක්ක තනියම කතාකරන්න ඔනේ කිවා.

ඇගේ කතාව මේ ලියන මොහොතෙත් මගේ ඇස් තෙත් කරනවා.

අපේ සමාජය නවසිලන්තේ වගේ වුණානම්.

ඒ අම්මා කිසිසේත්ම තම දරුවා වෙනත් අයකුට දෙන්නේ නෑ.  

දරුවා වෙනුවෙන් කිරි උණපු ඇගේ ලැම වේගයෙන් ගැහුණා.

ඈ ඉකිගසමින් මගේ දරුවා කියලා අන්තිමටත් කිවා.

ලොකේ අවිහිංසාව මතම දෙසු දහමක් අදහන මිනිස්සු බහුතරයක් වුන අපේ රටේ හුගක් දේවල් සම්බන්ධයෙන් අවිහිංසාවක් නෑ.

ක්‍රියාත්මක වෙන්නේ වෛරය, ද්වේෂය, තරහව, ක්‍රෝධය, කුහකත්වය, අශිෂ්ඨත්වය.

ලෝකයේ ලාබාලතම අගමැතිනිය වු ඇය ජසින්ඩා.

ඈ දේශපාලකයන් ට අලුත් පාඩමක් කියා දෙමින් ඉවත්වෙනවා .

මා ඉවත් විය යුතු වේලාව දන්නා නායකයෙක්.

ඒඇගේ කතාව.

මිය යනතුරු තනතුරු අත්නොහරින් දේශපාලකයන් සිටින රටක මිනිසුන්ගේ මනස කෙසේ දියුණු වන්න ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!