spot_img
spot_imgspot_img

තහනම් පාරේ ගිහින් සිසුන් තිදෙනකු ඇතුළු 07කට මරු කැඳවූ බසය

පුවත්

විදෙස්

බර වාහන යාම තහනම් කර තිබූ මාර්ගයක තර්ස්ටන් සිසුන් රැගත් බස් රථ රේස් ගියේ කෙසේදැයි මේ වනවිට බරපතල ගැටලුවක් මතුව තිබේ.

මෙම මාර්ගය ලිස්සන සුළු බවත්, එහි ධාවනය කිරීමේ දී වඩාත් ප්‍රවේශමෙන් නියමිත මං තීරුවේ පමණක් ධාවනය කරන්න යැයි උපදෙස් සහිත පුවරු රැසක් තිබිය දී ඊයේ (20) අනතුරට ත් වූ බසය එම උපදෙස් නොතකා හැර ඇතැයි පොලිසිය සැකකරයි.

මේ මාර්ගයේ බර වාහන සහ මගී ප්‍රවාහන බස් රථ ධාවනය තාහනම් කර තිබූ අතර කාර්පට් අතුරා මාර්ගය සැකසීමෙන් පසු රියදුරන් එම අණ නොතකා ධාවනය කරන බව ද පොලිසිය පවසයි. අද (21) නුවරඑළිය දිසාපතිවරයා මේ මාර්ගයේ බර වාහන ධාවනය නැවත තහනම් කිරීමට කටයුතු කළේය.

පොලිසිය පවසන්නේ අධික වේගය හේතුවෙන් බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී ඇති බවයි. වෑන් රථයේ ගමන් කළ 06 දෙනකු සහ ත්‍රී රෝද රථයේ රියදුරා එම ස්ථානයේ දී ම මියගොස් සිටි අතර කොළඹ තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බසය අඩි 100ක් පමණ ප්‍රපාතයකට ගොස් තිබිණි.

අනතුරින් තුවාල ලැබූ සිසුන් සියලුදෙනා අද (21) කොළඹට පැමිණ ඇති අතර වෑන් රථයේ ගමන් කරමින් සිටිය දී මියගිය සිසුන් තිදෙනා ඇතුළු එකම පවුලේ 05 දෙනාගේ සිරුරු දික්ඔය මුස්ලිම් පල්ලියේ දී මිහිදන් කෙරිණි.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න චෝදනා කරන්නේ මේ අනතුර සම්බන්ධයෙන් රියදුරා වගේම බසය තෝරාගත් විදුහල්පති ඇතුළු පිරිස ද වගකීම භාරගත යුතු බවයි.

“මාර්ග අංක 280 සහ 315 ධාවනය වූ මේ බස් රථය පසුව විශේෂ චාරිකා පමණක් ධාවනය කරන බස් රථයක්. අධ්‍යාපන චාරිකාවකට යන විට සියලු ලියකියවිලි ලබාදීලා අනුමැතිය ගන්න ඕනේ. නමුත් මේ බසයෙ රියදුරාගේ වැරදි ධාවනය නිසා මේ අනතුර සිදුව තිබෙනවා. බස් එකත් නයිට් ක්ලබ් එකක් වගේ. මේ වගේ බස්වල ළමයි අධ්‍යාපන චාරිකා යවන එක වැරදියි. ඒවාට විදුහල්පතිවරු සහ ගුරුවරුත් වගකියන්න ඕනෑ. මහා මාර්ගයේ ධාවනය කරන බලපත්‍ර ලාභී බසයක් නෙවෙයි මේක. මේ අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න කියා මම ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කීවාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ මේ අනතුර බැලූ බැල්මට බස් රථ රියදුරාගේ නොසැළකිලිමත්බවින් සිදුව ඇති බවයි. නමුත් එයට හේතුව කාර්මික දෝෂයක් ද යන්නත් සොයා බලන බව හෙතෙම කීවේය.

හැටන් දික්ඔය කෙටි මාර්ගයේ ගමන් කිරීමෙන් සාමාන්‍ය මාර්ගයේ ගමන් කිරීමට වඩා කිලෝ මීටර 05ක පමණ දුරක් අඩුවන බැවින් මේ මාර්ගයේ ඇති අවදානම නොතකා පිට පළාත්වලින් පැමිණෙන රියදුරන් එම මාර්ගයෙන් ගමන් කරන බව ඒ අවට පදිංචිකරුවෝ කියති.

තර්ස්ටන් විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුන් රැගත් බස් රථ 14 ක් නුවරඑළියේ චාර්කාව සඳහා ගොස් ඇත. අනතරට පත්ව තිබුණේ ඉන් එක් බස් රථයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!