spot_img
spot_imgspot_img

ශිරන්ති රාජපක්ෂ “හිජාබ්” ඇඳුමින් සැරසී සමුළුවකට එක්වෙයි

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ ඉරානයේ ටෙහෙරාන් නගරයේ පැවැත්වෙන “බලපෑමේ කාන්තාවන් සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය” නි‍යෝජනය කිරීමට එහි ගොස් සිටියි. මම සමුළුව ඊයේ (20) පැවැත්විණි.

ඇය එම සමුළුවේ දී මුස්ලිම් කාන්තාවන් අඳින “හිජාබ්” ඇඳුමකින් සැරසී සිටින ඡායාරූප මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඇගේ සැමියා මහින්ද රාජප්ක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයෙන් බලයට පත්වූයේ හිජාබය ඇතුළු ආගමික ඇඳුම්වලට එරෙහි ජන මතයක් ගොඩනගමිනි

ඉරානයට යන ලෝකයේ ඕනෑම කාන්තාවක් හිජාබයක් පැළදීම අනීවාර්ය වේ.

මෙම උත්සවයේ අරමුණ වූයේ බලපෑම් ඇති කාන්තාවන් අගය කිරීම, ඔවුන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ගේ වර්ධනයට උපකාර කිරීම සහ ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සහ අදහස් ප්‍රවර්ධනය කිරීමයි.

විද්‍යාව, පර්යේෂණ, නවෝත්පාදන, ආර්ථිකය, සෞඛ්‍ය සේවා, චිත්‍ර, ඡායාරූපකරණය, සිතුවම්, සමාජය සහ පරිසරය, නීතිය සහ මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කාන්තාවන් මෙම සම්මේලනයට සහභාගී විය.

ජාත්‍යන්තරය පවසන්නේ ඉරානයේ පැවැත්වෙන මෙම සමුළුව ව්‍යාජ එකක් බවයි. එක්සත් ජාතීන්ගේ කාන්තා තත්වය පිළිබඳ කොමිසම ඉරානයේ සාමාජිකත්වය අහෝසි කළ යුතුයැයි බහුතර ඡන්දයෙන් තීරණය කිරීමෙන් පසු මේ සමුළුව පවත්වා ඇතැයි ද ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්, කාන්තා සංවිධාන සහ මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

ශිරන්ති රාජපක්ෂ සමඟ එම සමුළුවට සහභාගි වූ නියෝජිතයන් බුර්කිනා ෆාසෝ, කිර්ගිස්තානය, සර්බියාව, ගිනියාව, නයිජර්, නයිජීරියාව, සිරියාව, ටර්ක්මෙනිස්තානය සහ ආර්මේනියාව යන රටවලින් පැමිණ තිබිණි. .

2022 සැප්තැම්බර් 16 වන දින 22 හැවිරිදි ඉරාන කුර්දි ජාතික මහ්සා අමිනී නොහොත් ජිනා අමිනී පොලිස් පහර දීම් හේතුවෙන් මිය යාමෙන් පසු ඉරානය පුරා හිජාබ් විරෝධී මහා ජන නැගිටීමක් සිදු විය. ඇය අත්අඩංගුවට ගෙන පහර දී තිබුණේ ඉරානයේ සදාචාරාත්මක පොලිසිය විසිනි.

හිජාබ් විරෝධය හේතුවෙන් සිදු වූ පහරදීම්වලින් 500කට වැඩි පිරිසක් මරණයට පත් වූ අතර 19,000ක් පමණ අත්අඩංගුවට ගැණිනි

විරෝධතාවලට නායකත්වය දුන්නේ යැයි පොලිසිය විසින් අත්අඩඟුවට ගත් 20 හැවිරිදි තරුණියක්, රෝහලකට ගෙනැවිත් තිබූ අතර ඇයට කුරිරු ලෙස වද දී හිස මුඩුකර, ලිංගික අතවර පවා සිදුකර තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එය එක් උදාහරණයක් පමණි. තවත් එවැනි ක්‍රියා රැසක් සිදුවූ බවට ඉරාන පාලනයට එරෙහි චෝදනා එල්ලවිය.

මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ කාන්තා තත්වය පිළිබඳ කොමිසම ඉරානයේ සාමාජිකත්වය අහෝසි කිරීමට තිරණය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!