spot_img
spot_imgspot_img

ලොව ලොකුම මැඩියා ඕස්ට්‍රේලියාවෙන් හමු වෙයි

පුවත්

විදෙස්

ලෝක‍යේ මෙතෙක් හමු වූ විශාලතම මැඩියා ඕස්ට්‍රේලියාවේ වනෝද්‍යානයකින් හමු වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස හමු වී ඇත්තේ ඕස්ට්‍රේලියාවට 1935 වර්ෂයේ හඳුන්වා දී ඇති Cane Toad නමැති වර්ගයේ සතකු බව ද වනජීවී නිලධාරීහු කියති. මෙම මැඩියන් එරට ස්වභාවික පරිසරයට තර්ජනයක් වන ආක්‍රමණශීලී නමැති සත්ව විශේෂයක් ලෙස පිළිගැනේ. එම සත්වයා හමු වී ඇත්තේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කොන්වේ ජාතික වනෝද්‍යානයේ මුර සංචාරයක යෙදුණු කයිලි ග්‍රේ විසිනි.

පසුගිය ජනවාරි 12 වැනි දින මේ මැඩියා හමු වී තිබේ. ග්‍රේ සහ ඇ‍ගේ සඟයන් විසින් මෙම සතා අල්ලා ඔවුන්ගේ කාර්යාලයට ගෙනවිත් තිබිණි. එහි දී මැඩියාගේ බර කිලෝ ග්‍රෑම් 2.7ක් බව තහවුරු වී ඇත. වනජීවී නිලධාරීන් පවසන්නේ එම විශේෂයේ සාමාන්‍ය මැඩියකු මෙන් මෙම මැඩියා 06 ගුණයක් විශාල බවයි.

මේ විශාලත්වය නිසා ම එම සත්වයා “Toadzilla” ලෙස නම්කර තිබේ.

ගිනස් ලෝක වාර්තාවක සටහන්ව ඇති විශාලත ම මැඩියා හමු වී ඇත්තේ 1991 වර්ෂයේ ස්වීඩනයෙනි. සුරතලයකට ඇතිකරනු ලැබූ එම සත්වයා කිලෝ ග්‍රෑම් 2.65ක් බරැතිය.

උක්ගස්වලට හානිකරන කුරුමිණියන් සහ අනෙකුත් පළිබෝධකයන් පාලනය කිරීම සඳහා මේ මැඩි විශේෂය 1935 වර්ෂයේ දී ඕස්ට්‍රේලියාවට හඳුන්වා දී ඇති අතර ඉතාමත් වේගයෙන් පැතිරීගිය මෙම විශේෂයට වෙනත් විලෝපිකයකු නොමැති බැවින් ගහණය පාලනය වන්නේ නැත. එබැවින් මේ වනවිට ආක්‍රමණකාරී සත්ව විශේෂයක් ලෙස නම්කර තිබේ.

https://www.reuters.com/business/environment/australian-park-rangers-say-toadzilla-could-be-worlds-biggest-toad-2023-01-20/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!