spot_img
spot_imgspot_img

රෝහලේ කසළ බැහැර කරද්දී 28 දෙනකු ඇද වැටෙයි. විෂ ද්‍රව්‍යයක් දැයි සැකයක්

පුවත්

විදෙස්

අනුරාධපුර රෝහලේ අපද්‍රව්‍ය තොගයක් වළදැමීමට ගිය සේවක සේවිකාවන් 28 දෙනකු හදිසියේ ම ඇදවැටීමෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තාවේ.

මෙම සේවක සේවිකාවන් සියලු දෙනා සියලු දෙනා පිරිසිදු කරන පුද්ගලික ආයතනයක වැඩ කරන අය බව ද වළක් කපා එම අපද්‍රව්‍ය වළ දැමීමට කටයුතු කරමින් සිටිය දී හදිසියේ ම ක්ලාන්ත වී ඇදවැටී ඇතැයි ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඔවුන්ගෙන් 10 දෙනකු පමණ නේවාසිකව සිටින බවත් තත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශකයකු කීවේය. ඔවුන් විෂ දුමක් හේතුවෙන් මෙලෙස රෝගාතුර වන්නට ඇතැයි සැකයක් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!